මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තණමල්විල දී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ (LNW):

මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තණමල්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල සූරියආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

පොලීසිය පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 470ක් සහ රුපියල් එක්ලක්ෂ 25,000ක් සොයාගත් බවයි.

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරු තණමල්විල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...