කොළඹ බලය පාඨලී ඉල්ලයි!

Date:

කොළඹ LNW:කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක,හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තමා එම ඉල්ලීම කරන්නේ කොළඹ නගරය ගොඩ නැගූ පිරිසක් වශයෙන් බවයි ඔහු සඳහන් කරන්නේ.

2019 දී කොළඹ නගරය තුළ විශාල වැඩකොටසක් කළ තර 2019න් පසු එක ගඩොලක්වත් කොළඹ නගරයේ අලුතින් තබා නැති බව රණවක මහතා පවසයි.

“අපි 2019 මේ කොළඹ නගරයේ නතර කරපු වැඩ ගොඩක් තිබෙනවා.2019න් පස්සේ එක ගඩොලක් වත් මේ කොළඹ නගරයේ අලුතින් තබලා නැහැ.අපි කොළඹ නගරයේ කසල ප්‍රශ්නය විසඳුවා.කොළඹ නගරයට කැලණි ගඟ නිසා ගංවතුර උවදුරක් තිබුණා.ඒ ප්‍රශ්නයත් අපි විසඳුවා. නමුත් කොළඹ නගරයේ තියෙන පිටාර ප්‍රශ්න විසඳන්න තව ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා.” හිටපු හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

රණවක මහතා මේ බව පැවසුවේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහා නගර සභා අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඹිලිපිටියේ ගරාජයක් තුළින් සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන මෝටර් රථයක් මතු වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : ඇඹිලිපිටිය පොලීසිය විසින්...

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...