නව පොලිස් මහා මාර්ග, යතුරුපැදි සංචාරක ඒකකයක් : පැය 24 පුරා ක්‍රියාත්මකයි

Date:

රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ (LNW):

ගාල්ල කොටුවේ පිහිටි දකුණු පළාත් පොලිස් සේවස්ථ පුහුණු ආයතනයේදී , පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් මහා මාර්ග, යතුරුපැදි සංචාරක ඒකකය පිහිටුවීම සිදු  විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට සිට අහංගම දක්වා කොළඹ මාතර ප්‍රධාන මාර්ගයේ සිදුවන රථවාහන අනතුරු වැළැක්වීම සහ මාර්ග තදබදයට පිළියම් යෙදීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වේ.

මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් ලැබී තිබෙන අතර, පොලිසිය පවසන්නේ,එවැනි නීති විරෝධී ක්‍රියා පාලනය කර ජනතාවට නිදහසේ සිය ගමන් බිමන් පහසුකම් සලසා ගත හැකි පරිදී අවශ්‍ය පරිසරය සකස් කර දීමට ඉන් හැකිවන බවයි

ඒ සදහා , අධි බලැති යතුරුපැදි සහ පොලිස් මුර රථ යොදා ගැනෙන බවද සඳහන් වේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඇතුළු පිරිසක් පොලිස් යතුරුපැදි සංචාරක ඒකකය පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...

ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් ගොඩනැගෙන බෙලිඋල්ඔය පාලම

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දැඩි...

ජනවාරි 7 දිවයිනට එන ඉන්දීය අමුත්තා..

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ලබන ජනවාරි 7...