ඊශ්‍රායලය ගින්දර සමඟ සෙල්ලම් කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය හා මධ්‍යම ඉරානයේ අරක් බැර ජල බලාගාරයට එල්ල කරන ලද ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය ගින්දර සමඟ සෙල්ලම් කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කර තිබේ.

තම රට මේ වෙනුවෙන් විශාල මිලක් අය කරන බව ප්‍රකාශ කරන ලද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන කර තිබුණේ, ඉරානය දිගින් දිගටම එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර සිවිල් ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි. පසුගිය දින 27 තුළ ගලවා ගැනීමේ සේවකයින්, පිරිපහදු, ගිලන් රථ, රෝහල්, සෞඛ්‍ය සේවකයින්, ජල මූලාශ්‍ර සහ නේවාසික ප්‍රදේශ, මෙන්ම ඉරානය පුරා පාසල් 600කට වැඩි ප්‍රමාණයක් කඩා දමා හෝ හානි කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් සහ ගුරුවරුන් 1000කට අධික සංඛ්‍යාවක් දිවි පුදා හෝ තුවාල ලබා ඇත.

ඒ අනුව, ඉරාන විදේශ අමත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාව අමතමින් සඳහන් කර තිබුණේ, අසාධාරණකම් හමුවේ උදාසීනත්වය සහ නිහඬතාවය කිසිදු ආරක්ෂාවක් සහ සාමයක් ගෙන එන්නේ නොමැති බවත්, එය වඩාත් අනාරක්ෂිතභාවය සහ නිවැරදි උල්ලංඝනයන්ට ආරාධනා කරනු ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එය මූර්තිමත් කරන මූලික වටිනාකම් මෙන්ම සමස්ත මානව හිමිකම් රාමුව බරපතල අවදානමක පවතින හෙයින් ආක්‍රමණිකයන්ට හඬ නැගිය යුතු අතර, ඉරාන වැසියන්ට එරෙහිව ඔවුන් කරන පිළිකුල් සහගත අපරාධ සඳහා රාජ්‍ය ප්‍රජාව එක්විය යුතු බවයි.

මේවන විට මැදපෙරදිග පුරා ප්‍රහාර දිගටම සිදුවන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසන්නේ එක්සත් ජනපදය ඉරානය සමඟ සාකච්ජා බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කෙසේ නමුත් මේ වන විට පළමු වරට යේමනයේ හවුතිවරුන්ද යුද්ධයට අවතීර්ණ වී ඇති අතර ඔවුන් ඉරානයට සහය දක්වමින් ඊශ්‍රායලයේ සංවේදී හමුදා ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉරාන විදේශ අමත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ, ඉරානය කිසි විටෙක යුද්ධයක් අපේක්ෂා කර නොකළ නමුත්, අවශ්‍ය තාක් කල් තමන්ව ආරක්ෂා කර ගන්නා බවත්ය.