*
Friday, April 19, 2024
spot_img

Latest Posts

වර්ගවාදයට උණ හැදෙන්නම ස්කොට්ලන්තයේ අද්විතීය වෙනසක්!

ප්‍රමෝද් චින්තක පීරිස්

ලෝකය (Outbound Today): ස්කොට්ලන්තය කියන්නේ, මහා බ්‍රිතාන්‍යයේ තරමක ගතානුගතික කලාපයක් බව ඔබ කවුරුත් දන්නවා. මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තය නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය තමයි ස්කොට්ලන්ත ජාතික පක්ෂය – ස්කොටිෂ් නැෂනල් පාර්ටි.

ඉතිං ඔන්න අලුත්ම පුවතක් වාර්තා වෙනවා, ස්කොට්ලන්ත ජාතික පක්ෂයට අලුතින් නායකයකු තේරී පත්වෙලා කියලා.

කවුද මේ පුද්ගලයා? ඔහුගේ නම හම්සා යූසෆ්. ඔව්, ස්කොට්ලන්තය නියෝජනය කරන පළමු සුළුතර ජාතික මහජන නායකයා බවට මේ හම්සා යූසෆ් පත්වෙනවා.

ඉතිං මේක කොහොමද පුවතක් වෙන්නේ? මේක පුවතක් වෙන්නේ නෑ ස්කොට්ලන්තේ කචල් එක ගැන අදහසක් නැති අයට. මම කලිනුත් කිව්වා වගේ ස්කොට්ලන්තය කියන්නෙම මහා බ්‍රිතාන්‍යයේ ගතානුගතික මත දරන වැඩි පිරිසක් ජීවත් වෙන පළාතක්. ඉතිං ස්කොට්ලන්ත ජාතික පක්ෂය කියන්නෙත්, මේ වගේ දැඩි බෙදීමක් තිබෙන පක්ෂයක් කියලා තමයි කියන්නේ.

එක්සත් රාජධානිය ප්‍රගතිශීලී මුහුණුවරක් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය දිගේ යන ගමනේ දී වෙනම පාරක යන්න හදන පැත්තක් තමයි ස්කොට්ලන්තය කියන්නේ. අන්න ඒ පසුබිම තුළ තමයි මුස්ලිම් ජාතික පුද්ගලයකු, බහුතර සුදු හම තිබෙන මිනිසුන් මැද දුඹුරු හම තිබෙන අපේ ජාතියේ එකෙකු ඔවුන්ගේ දේශපාලන පක්ෂයේ නායකයා බවට පත්වෙන්නේ.

ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පැවති නිලවරණයේ කේට් ෆෝර්බ්ස් පරාජයට පත්කරමින් හම්සා යූසෆ් ජයග්‍රහණය කරනවා. ඒ සියයට 52 ට සියයට 48 වශයෙන්. නිලවරණයේ පළමු වටයෙන් ඉදිරියට පැමිණියේ ඈෂ් රීගන්, නමුත් දෙවන වටයේ දී යූසෆ් ජය්‍රගහණය කරනවා.

මම කලිනුත් කිව්වානේ ස්කොට්ලන්ත ජාතික පක්ෂය ඇතුළේම බෙදීම් ගොඩයි කියලා. ඔව්, මෙතනත් අර එකෙකුට එකෙක් පෙන්නන්න බෑ වගේ තත්ත්වයක් තිබුණා. බලනකොට මෙහෙ විතරක් නෙමෙයි එහෙත් එහෙම තමයි. යූසෆ් ගේ මධ්‍ය-වාමාංශික මත ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ට පෙන්නන්න බෑ ලු. හැබැයි සමහර දේශපාලන විද්වතුන් විශ්වාස කරන විදියට, මෙතන තියෙන්නේ වම දකුණ ප්‍රශ්නයක් නෙමෙයි, මුල් බැහැලා තියෙන්නේ කොහෙද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ලු.

ඔව්, යූසෆ් ගේ ජාතිකත්වය ප්‍රශ්නයක් කර ගත්තු අය ස්කොට්ලන්තයේ ඉන්නවා. තමන්ගේ ජයග්‍රහණයත් සමඟ යූසෆ් තම පන්ජාබි මුත්තාටයි මිත්තණියටයි ගරු බුහුමන් දක්වනවා. ඔවුන් දෙපළ ස්කොට්ලන්තයට පැමිණෙන්නේ 60 දශකයේදී සංක්‍රමණිකයන් ලෙස. යූසෆ් ගෙ මුත්තා මහන මැෂින් කර්මාන්තයක දුප්පත් කම්කරුවෙක්. මිත්තණිය, ග්ලැස්ගෝ නගරයේ බස්රථවල ටිකට් වෙත මුද්දර තබන්නියක්. ඔවුන් දෙදෙනා නොවන්න යූසෆ් ට බ්‍රිතාන්‍යයේ ඉපදීමට වාසනාව ලැබෙන්නේ වත් නැහැ.

මෙම පසුබිම් කතාව එක්ක දකුණු ආසියානු සම්භවයක් සහිතව උපත ලබන යූසෆ් නම් දරුවා සුදු බහුතරයක් සිටින දේශපාලන වේදිකාවක බැබලෙනු ඇතැයි එම දෙපළ කීයටවත් හිතන්න වත් නැතුව ඇති. සුදු හම් ගොඩක් මැද එක දුඹුරු හමක් ලබා දෙන නායකත්වය ස්කොට්ලන්තයට අලුත් අත්දැකීමක් වන්නේ යූසෆ් ගේ ආගමනයත් සමඟ..

ස්කොට්ලන්ත ජාතික පක්ෂය පෙනී සිටින්නේම එක්සත් රාජධානිය තුළ ස්කොට්ලන්තයේ ස්වාධීනත්වය වෙනුවෙන්; ඒක හරියට, අර මෙහේ “අපේ හාමුදුරුවනේ” කියලා පපුවට ගහගන්න සිස්ටම් එකට සමාන ගමනක් යන දේශපාලන ප්‍රවාහයක්. යුරෝපා සංගමය තුළ ස්කොට්ලන්තයේ නියෝජනය ගැනීමට ස්කොට්ලන්ත ජාතික පක්ෂය වැඩිපුරම වෙර දරන්නෙත් මේ සිස්ටම් එක නඩත්තු කරගෙනමයි. හැබැයි දැන් ස්කොට්ලන්ත ජාතික පක්ෂයට අපේ හාමුදුරුවනේ සිස්ටම් එක වගේ ස්කොට්ලන්ත සිස්ටම් එක වෙනස් කර ගන්න කාලය ඇවිත්.

දැන් නිල වශයෙන්ම ස්කොට්ලන්තයේ අමාත්‍යවරයා හම්සා යූසෆ්. ස්කොට්ලන්ත ජාතික පක්ෂය ඇතුළේ තිබෙන බෙදීම් නිසාම ඉන් සෑහෙන පිරිසක් වෙන්ව ගිහිං. එම පසුබිම තුළ ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ සමඟිය ආරක්ෂා කරගෙන බ්‍රිතාන්‍ය රජය සමඟ ද එක්ව වැඩ කිරීමේ අභියෝගය යූසෆ්ට පැවරෙනවා. මේ පිළිබඳව හොඳ සංඥාවක් ලබා දෙමින් යූසෆ් අපූරු ප්‍රකාශයක් සිදුකර තිබෙනවා: එංගලන්තයේ ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වරක ප්‍රතික්ෂේප වූ, වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුවෙන් නැවුම් ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා නිල වශයෙන් බලතල ඉල්ලා සිටීම නැවත වරක් සිදු කිරීම ස්කොට්ලන්තයේ පළමු අමාත්‍යවරයා ලෙස තම පළමු ක්‍රියාව බව යූසෆ් කියනවා. 

අපි බලමු යූසෆ් ගෙ කල්ක්‍රියාව මොන වගේ ද කියලා..

Photo : Expat Guide

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan