ආසියානු පැසිපන්දුවේ පෙරළිකාරයන්ගේ භූමිකාවට ශ්‍රී ලංකාවේ නම

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 29, කොළඹ (LNW): සිංගප්පූරුවේ ක්‍රියාත්මක 3×3 ආසියානු කුසලාන පැසිපන්දු සූරතවෙලියේ දී ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග සියල්ලම ජය ගන්නට සමත් වී තිබෙනවා.මාර්තු 27 ඇරඹි මෙම තරගාවලිය මාර්තු 31 වන දා නිමාවට පත්වීමට නියමිත අතර ඊයේ ඔවුන් දකුණු කොරියාව පරාජය කරමින් ආසියානු කුසලාන තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම හැටියට ආසියාවේ පමණක් නොව,පැසිපන්දු ලෝකයේම අවධානය දිනා ගත්තා.


කොරියානු කණ්ඩායම සමඟ කරට කර ගැටෙමින් ලකුණු 21 – 19 ක් ලෙස තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ඉහත උතුරු මරියානා දූපත් කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගත්තේ ලකුණු 21 – 13 ක් ලෙසයි.ඊට පෙර ශ්‍රී ලංකාව ඉන්දුනීසියානු කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 21 – 14 ක් ලෙසයි.
මේ වන විට අපරාජිතව සිටින ලෝකයෙ පාසිපන්දු ශ්‍රේණිගත කිරීම්වල 59 වන ස්ථානයේ සිටින ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් අතර සිටින දකුණු කොරියාව ලෝකයේ 128 වන තැන සිටින ශ්‍රී ලංකාව වෙතින් පරාජය වීම සෙසු රටවල ද නොතිබි ගෞරවයක් ශ්‍රී ලංකාව වෙත ලැබෙන්නට හේතු වී තිබෙනවා.

මේ තත්ත්වය යටතේ අද ශ්‍රී ලංකාව මොංගෝලියාවට සහ තායිලන්තයට මුහුණ දෙන්නට නියමිතව සිටිනවා.
මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවල ඡායාරූප කිහිපයක් මේ සමඟ තිබෙනවා.ශ්‍රී ලංකාව වෙන්වෙන් මෙම තරගාවලිය නියෝජනය කරන ක්‍රිඩකයින් වන්නේ රුක්ෂාන් අතපත්තු,පවන් ගමගේ,දසුන් නිලන්ත මෙණ්ඩිස් සහ සිම්රොන් යෝගනාදන් යන සිව්දෙනායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...