Wednesday, March 22, 2023
spot_img

Latest Posts

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට රුපියල් 5000 දීමනාවක්

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31ක් සඳහා මසකට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට තීරණය කළ බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ.

අවුරුදු බෝනස් එකක් වශයෙන් මෙම දීමනාව ලබාදීමට ඊයේ (28) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.