ජාතිවාදය කන්න පුළුවන්ද ? – දෙරණේ සංඛ රනිල්ගෙන් කන පුරා අහගනී ! (VIDEO)

Date:

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවේදී මතුවූ කරුණු සම්බන්ධයෙන් විවේචනය කරමින් සිංහල ජාතිවාදී ස්ථාවරය මතුකිරීමට උත්සාහ කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදක සංඛ්‍ය අමරජිත් මහතාට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම දැඩි පිළිතුරක් ලබාදුන්නේය.

සංඛ – මේකට කියන්නෙ බොරදියේ මාළු බානවා කියලා. මේ අර්බුදය පාවිච්චි කරලා TNA එක දේශපාලන විසඳුම් ගැන කතා කරනවා, තහනම් සංවිධානවල තහනම අයින් කරන්න කියනවා, මේවා හරිද ?

රනිල් – “තහනම් සංවිධාන මොනවද ?”

සංඛ – LTTE සංවිධානයට මූල්‍ය ආධාර සැපයුවායි කියලා ….

රනිල් – “ඇත්ත වශයෙන්ම ඔය සංවිධාන ගණනාවක් තහනම් කරලා තිබුණෙ නෑ. අපේ කාලෙත් ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුව ආවායින් පස්සෙ තහනම් කළේ. ඒ ටිකේ තහනම ඉවත් කරන්න කියලායි ඔතන කියන්නෙ. දැන් බොරදියේ මාළු බාන්නෙ එතුමා නෙවෙයි, ඔබතුමා. මේ රටේ මේ ප්‍රශ්නයක් තියෙනකොට ආපහු යනවා ජාතිවාදයට. මේ පරණ කිව්ව කතාවක්”

සංඛ – නෑ නෑ, මේ … මේ … මම නෙවෙයි. මම කිව්වෙ දැන් …. දැන් කතිකාවතක් තියෙනවා …

රනිල් – “ඒ කතිකාවත යන්නෙ වෙන එකක් නැති නිසා. ආපහු බලනවා ජාතිවාදය ගන්න, ආගම්වාදය ගන්න. ජාතිවාදය කන්න පුළුවන්ද ? අපට පෙට්‍රල් හම්බුවෙනවාද මේකෙන් අද මිනිස්සුන්ට ? මටත් බැන්නා, ඒත් ඒ කාලෙ කාටවත් අහේනියක් තිබුණෙ නෑ. ආදායම් තිබුණා, රැකියා තිබුණා, කෑම තිබුණා. මේවා ඔක්කොම බොරුවට කෑගහලානෙ අද මේ ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නෙ. දැන් අපි ඇත්ත කතා කරමු ! දේශීයත්වය කිව්වා, රට ජාතිය බේරාගන්නවා කිව්වා, පාස්කු ඉරිදා බෝම්බය කිව්වා …. ඔය ඔක්කොම අතහරිමු. මේ දෙමළ මිනිස්සුගෙන් සාධාරණ ප්‍රශ්න. ඒක විසඳන්න. ඒක අපෙ ස්වාමීන් වහන්සෙලාත් කියනවා. මේක ආපහු එන එකක් නැති තැනට මෙයා කිව්වා කියලා. ඔය බොරදියේ එකක් නෙවෙයි. මම දන්නවා එදා තිබුණ අපි එක්ක ගනුදෙනු කරපු සංවිධාන ගණනාවක් මේ ආණ්ඩුව ආවායින් පස්සෙ තහනම් කළා. ඉතින් සුමන්දිරන් මැතිතුමා කියන්නෙ ඒක ඉවත් කරන්න කියලා. මම නම් හිතන්නෙ ඒක සාධාරණයි. මේ මේ මේක පිටිපස්සෙ LTTE එක නෑ, LTTE එක ඉවරයි දැන්. බෝම්බ දාන ඒවා වෙන්නෙ නෑ. ආපහු ත්‍රස්තවාදයක් එන්නෙ නෑ ඔතන, මම දන්නවා ඒක. ඔය හුඟක් සංවිධානවලට මුදල් නෑ ඔවුන් එකතු කරගන්න කතා කරාට. එතන කෑගහයි, එතන ඉඳියි ….”

සංඛ – මුදල් නැත්නම් ඒ ඩයස්පෝරාවෙ මුදල් ලබාදෙන්නම් කියලා පොරොන්දු වෙන්නෙ ?

රනිල් – “ඩයස්පෝරාවෙ මුදල් තියෙන්නෙ පුද්ගලයින්ට, සංවිධානවලට නෙවෙයි. ඒ පුද්ගලයින් ඔය සංවිධානවලට සල්ලි දෙන්නෙ නෑ. අපිත් දන්නවා ඩයස්පෝරා එක. මම කියන්නෙ ඩයස්පෝරාවෙ මුදල් ආවොත් හොඳයි. ඒකත් නෙවෙයි මම කියන්නෙ රටේ මේ ප්‍රශ්නය විසඳුවායි කියලා ස්ථාවරභාවයක් ආවොත් ඩයස්පෝරා නෙවෙයි ඊට වඩා විදේශ ආයෝජන මේ රටට එනවා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...