*
Friday, September 20, 2024
spot_img

Latest Posts

වසන්තට දවසක් ඇද්ද?

දවස් තුන්සිය හැටපස් දවසම වැඩ කරන මිනිස්සු ඉන්නවා.අපි සාමාන්‍යය විදිහට දවසක් වැඩ කරනවා කියන්නෙ පැය විසි හතරම වැඩ කරනවා කියන එකට නෙමෙයි.දවස පැය විසි හතරම වැඩ කරනවනම් දවස් තුන්සිය හැට පහම කියන කොට ටිකක් අතාත්විකයි.අතාර්තිකයි.ඒ නිසා මනුස්සෙක් විවේක ගන්න පැය කිහිපයක් අත ඇරලා තමයි අපි දවස් තුන්සිය හැට පහම වැඩ කරනවා කියන එක පාවිච්චි කරන්නෙ.

හැබැයි ජයන්ත චන්ද්‍රසිරි කියන කලාකරුවා බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ වේදිකාව මතට ගොඩ වෙලා වසන්ත විට්ටච්චි ගැන කියපු හැටියට ඔහු දවසෙ වැඩ කරන පැය ගාණට වඩා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඒ ආකාරයෙන් බලන කොට අවුරුද්දට දවස් තුන්සිය හැට පහටත් වඩා වැඩ කරන මනුස්සෙක් වෙන්න ඕනි.

මාර්තු 27 වන දා ජයන්ත චන්ද්‍රසිරි මේ කතාව කියන්නෙ වසන්තට දවසක් කියන වසන්ත විට්ටච්චි ප්‍රණාම උළෙලට සහභාගි වෙමින්.මේ වැඩේ සංවිධානය කරන්නෙ අසූවේ අපි කණ්ඩායම කියන අපේ රටේ විවිධ කේෂ්ත්‍රයන් ආක්‍රමණය කර සිටින සොඳුරු මිනිසුන්ගේ එකතුව විසින්.අසූවේ අපි කණ්ඩායම ඇරඹෙන්නේ නාට්‍ය ඉගැනීමට ආසා කරපු තරුණ පිරිස්වල පිපාසය සංසිඳවන්නට වුණත්,පසුව එයින් ලද කලාකාමී ශික්ෂණය සහිතව ජීවිතය විවිධ කේෂ්ත්‍රයන් ඔස්සේ ජයගත් පිරිසක් ඒ වටා රොක් වී සිටින බව අසූවේ කණ්ඩායමේ සංයුතිය පැහැදිළි කරනවා.පුද්ගල කේන්ද්‍රීය විරෝධතාවන් ඔබට ඇති.හැබැයි “අසූවේ අපි”, කණ්ඩායම් ගත වීමේ දුබලතා සහිත සමාජය එක්ක සසැඳුවාම මේ කණ්ඩායම පරමාදර්ශයක් නෙමෙයිද?

වසන්තගේ ස්තූතියෙදි මෙන්ම වසන්ත ගැන කතා කරද්දිත් අසූවේ අපි කණ්ඩායමේ හැඳින්වීම වුණේ ඔවුන්ට ඉගැන්නූ පරපුර දුයිශෙන්ලා බවයි.වසන්ත ඔහුගෙ කතාවෙ ඒක කිව්වෙ ඉගෙනගෙන දන්න දේ තව අයට කියා දෙනවා යනුවෙන්.මේ අසූවේ අපි කණ්ඩායමේ බොහෝ දෙනෙක් කොදෙව්ව අභිබවා ජයග්‍රහණ කීර්තිය අත්කර ගත් මිනිස්සු.ඒ අල්තීනලා දිහා, දුයිශෙන්ලා වුණු වසන්ත විට්ටච්චිලා බලා ඉන්න ආඩම්බරය දැක්කම ඇත්තටම අමුතුයි.ඒ අමුත්ත එන්නෙ අපේ සමාජය ගැන අපි හඳුන්වන හැටියට “කෘතවේදි අනෙකාගේ සතුට වෙනුවෙන් ආඩම්බර වෙන සමාජයක් “ වුණාට වැඩ සිද්ධ වෙන්නෙ එහෙම නොවෙන නිසයි .ඒක ජයන්ත චන්ද්‍රසිරි ඉතාම අපූරුවට සහ රහට සෝපාහාසයත් එක්කම කිව්වා. ඇත්ත තමයි ගුරුවරු පවා ගුරු මුෂ්ටිය වගේම තව අතකින් කල්ලිවාදය පෝෂණය කරන බව.
වසන්ත විට්ටච්චි ගැන පදනම් වුණ නිසා ඔහු සමඟ අසූවේ අපි කණ්ඩායමට උගන්නන්න මහන්සි වෙච්චි අනිත් ගුරුවරු ටිකක් පැත්තකට වෙනවා.ඔවුන් තමයි ඩග්ලස් සිරිවර්ධන,එච්.ඒ.පෙරේරා සහ පරාක්‍රම නිරිඇල්ල.1984 ඉදලා කොළඹ හත රොස්මිඩ් පෙදෙසෙ පැවති පරණ පන්නයේ ලැටිස් ගහපු ගොඩනැඟීල්ල ඇතුළෙ ඒ කාලෙ සමාජය හැටියට නූතණ රංග කලාව තනිවම ඇහිදගෙන – ඉගෙන ගෙන, රට පුරාම ඉහින්න, තරුණ පරම්පරාවට බෙදා දුන්නු කණ්ඩායම තමයි වසන්තලා.84 ඉදලා අසූ නවය වසරේ තරුණයන් – තරුණියන් ඒකරාශි වීම සැකයක් වන තැනට රට එනතුරුම දෙසතියක කාලයක් එක දිගට තරුණයො පොදි ගස්සන්න මේ නාට්‍ය පාඨමාලාවට හැකි වුණා.මේ ඓතිහාසික එකතුව 2009 වසර විසි පහකට පසසෙ එකතු වෙලා තමයි අසූවේ අපි පිහිටුවාගන්නෙ.

ජයලාල් රෝහණ එහි සභාපති පදවියට පත්වීමෙන් පසුව දෙවන සභාපති වූ උදේනි අල්විස් යළි සිව්වන සභාපතිවරයා බවට පත් වෙනවා.දල වශයෙන් උදේනිගේ ඒ සභාපති පදවියට වයස එකතු කරාම,අදට අවුරුදු නවයක් පමණ වෙනවා.ඒ විතරක් නෙමෙයි අජන්ත අලහකෝන්,මාලි ජයවීර වැනි සමූහයක්ම, අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් දුවන අපූරු හදවත් ටිකක් උදේනිගේ මොඩල් එකටම අසූවේ අපි එක්ක වෙලිලා ඉන්නවා.හැමෝම වැඩකදි තමන්ගෙ උපරිමය දෙන එක මේ අයගෙ සතුට වෙන ජීවිතාංගයක් කරගෙන මහන්සි වෙන හැටි වසන්තට දවසක් තිරය ඉදරියේ මැවුණු අලංකාරයට වැඩිය වටිනවා.

හම්බකරන තුට්ටු දෙක අරගෙන අදත් තමන් දන්න දේ කියා දෙන්න නොපැකිළිව ආරාධනයක් ආවම රට වටේට බස්වල,කෝච්චිවල නැත්නම් වෙනත් වාහනයක ගමන යන වසන්නත විට්ටච්චි ශක්තිමත් ශරීරයකින් වගේම ශක්තිමත් මනසකිනුත් යුක්තයි.කෙනෙක්ට ගහලා වට්ටන්න බැරි ශරිරයනම් දැක්කම පැහැදිළියි.හිතත් ඒ වගෙමයි.හැබැයි වට්ටන්න බැරි ශරීරය පාවිච්චි කරනවට වැඩිය ගහන්නම ඕනි තැනකදි හිතයි කටයි අපූරුවට පාවිච්චි කරන්න දන්නවා.කටට ගලා එන ක්ෂණික යෙදුම් වගේම අපූරු කතා කාටවත් තරහක් ඇති නොවන විදිහට රසට කියන්නත් දන්න වසන්ත විට්ටච්චි ලිව්වනම් කියන එක හිතුණෙ මේ ලියුම් කරුට විතරක් කියලා හිතුණට ඒක එහෙම නෙමෙයි කියලා වසන්තට දවසක් මුඛ්‍ය දේශණය කරපු ජයන්ත චන්ද්‍රසිරි පැවසුවා.

හබැයි ඒකට අපූරු උදාහරණයක් වසන්තට දවසක් මුද්‍රිත සටහන්වලින් හමු වුණා.ඒක ලියන්නෙ ඩබ්ලිව් ජයසිරි.

“ධවලභීෂණ” සඳහා මගේ චරිතයට වේශ නිරූපණය කරමින් සිටි මොහොතක කණ්නාඩිය ඉදිරියේ සිටියේ වසන්ත හා මා පමණි.එක්වරම අප සිටි කාමරයට පැමිණි පමණට වඩා කොණ්ඩයක් සහිත තරුණයෙක් අප දෙදෙනා දෙස බලාගෙන සිටී. “… දෙන්නටම කොණ්ඩෙ නැහැනෙ….” ක්ෂණයකින් ඔහු දෙස හැරුණු වසන්ත, “… අපිට නැත්තෙ කොණ්ඩෙ විතරයි… ඔයාට තියෙන්නෙ කොණ්ඩෙ විතරයි….”

ඒ වචන ටික වසන්තගෙ මුඛරිකම ගැන නොව බුද්ධිය ක්ෂණිකව වචනමය භාවිතාවකට හැරවීමේ හැකියාව ගැන අපූරු සාධකයකි.
මේ ගුරුවරයා ගැන වැඩිය අපට ඇසෙන්නේ නැත.ඔහු “ස්ර්” කුලකයේ නොමැත.සොව්යට් සංස්කෘතික මධ්‍යස්ථානයට ආපු පරාක්‍රම ස්ර්,එච්.ඒ.ස්ර් සහ ඩග්ලස් ස්ර් අතර එකම අයියා වූ ගුරුවරයා වන්නේ වසන්තය.ඔහු විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ විප්ලවීය අදහස්වලින් සමාජයට පණිවිඩ දෙන්නට තරම් නිර්භිතව පෙරට ආ නාට්‍යකරුවෙක්ය.අතට අවි දෙනවාට වඩා හිතට සවි දීම ඔහුගේ නාට්‍ය කලාවේ ස්වභාවය ය.එමෙන්ම ධම්ම ජාගොඩගේ මූලිකත්වය ගෙන කටයුතු කළ රංග ශිල්ප ශාලිකාවේ ද වසන්ත නාට්‍ය කලාව හදාරා ඇත.විදේශ නාට්‍යවේදීන්ගේ පාඨමාලා අත්නොහැර අදද දැණුම එකතු කර ගැනීමට වසන්ත මැලි නැත.

විශේෂය අංග රචනා ශිල්පියෙක් ලෙස රංජිත් වික්‍රමසිංහගේ මඟ පෙන්වීමෙන් කලා කේෂ්ත්‍රයට පිවිසෙන වසන්ත විට්ටච්චි පසුව රංජිත්ගේ ද ගුරුවරයා වන ශේෂා පළිහක්කාර සමඟ සිනමා නිර්මාණවලට දායක වෙමින් අංග රචනා ශිල්පියෙකු ලෙස ස්ථාවරත්වයට පත් වන්නේය.අද ඔහු ගුරු කොට හැඳුණ විශාල පරපුරකි.අවශ්‍යය වූ විට ඔහු සිය විද්‍යාර්ථීන්ගේ හැකියාවන් පෝෂණය කරන්නට මෙන්ම ඔවුන්ට උදව් වෙන්නටද දායක වන්නේය.ඒ සමහර විට නාට්‍ය තරඟ ලෙස ව්‍යවහාරයේ පවතින නාට්‍ය උළෙලක තමන්ද අංග රචනා ශිල්පියෙකු ලෙස ක්‍රියා කරන අතරේය.තමාද රංගන ශිල්පියෙක් ලෙස නිර්මාණයකට දායක වෙමින් සිටියදී ය.

එසේම රංගන ශිල්පියෙක් ලෙස අංග රචනාවේදී මෙන්ම වේදිකාව,පුංචි තිරය මෙන්ම සිනමාවද ආලෝකමත් කරන්නට දක්ෂතා පෙන්වා ඇති වසන්ත විට්ටච්චි ඒ හරහා සමහර විටෙක එක වසරකදී පමණක් ජාතික මට්ටමේ සම්මාන කිහිපයක් ගෙදර අරගෙන ගිය අවස්ථා එමටය.උදාහරණයකට බුඬී කීර්තිසේනගේ සිහින දේශය චිත්‍රපටය වෙනුවෙන් වසන්ත 1996 වසරේදි මෙරට පැවති ජනාධිපති සම්මාන,සරසවි සම්මාන සහ ස්වර්ණ ශංඛ සම්මාන යන චිත්‍රපට සම්මාන උළෙල ත්‍රිත්වයේම හොඳම අංග රචනා ශිල්පියා ලෙස සම්නායට පාත්‍ර විය.එසේම 2010 වසරේ දී ඔහු,ලලිත් රත්නායකගේ අරුගල් ටෙලි නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය ටෙලි සම්මාන උළෙල,සිග්නීස් ටෙලි සම්මාන උළෙල සහ සුමති ටෙලි සම්මාන උළෙල යන උළෙල ත්‍රත්වයේම හොඳම අංග රචනා ශිලපියාගේ සම්මානය දිනා ගත්තේය.එසේම එම වසරේ එම ටෙලි නාට්‍යයේ පෑ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙසටද සම්මානයට පාත්‍ර වූයේ රාජ්‍ය ටෙලි නාට්‍ය සම්මාන උළෙලේදී ය.

වසන්ත විට්ටච්චි ජාතික මට්ටමේ සම්මානයට පාත්‍ර වන්නට පටන් ගන්නේ 1984 දී ය.ඒ යොවුන් නාට්‍ය උළෙලේ දී හොඳම අංග රචනා ශිල්පියා වෙමින්ය.ජනක් ප්‍රේමලාල්ගේ අබුද්දස්ස කෝළම නාට්‍ය වෙනුවෙන් සම්මානනීය වෙමින් ඇරඹූ ඒ ගමන තවමත් නොනැවතී දුවන්නේය.2018 දී දී ද ඔහු හොඳම අංග රචනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන්නේ ජයන්ත ෆොන්සේකාගේ සිංහයා ඇවිල්ලා නාට්‍ය වෙනුවෙන්ය.අනෙක් විශේෂත්වය වන්නේ, බොහෝ පිරිස් වේදිකාව තමන්ට තාක්ෂණය සමඟ ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ ජනප්‍රිය ලක්ෂණ සමඟ මුසු වීමට පඩිපෙළක් කර ගැනීමෙන් ඉනික්බිති වේදිකාව සමඟ ඇති පෙකණිවැල සම්බන්ධය කපා ඉවත් කර ගත්තත්,වසන්ත තවමත් සිනමාවට මෙන්ම වේදිකාවටද එක වගේ ආදරය දැක්වීමය.එක ලෙසම ක්‍රියාකාරීව එහි වැඩ කිරීමය.

වසන්ත 1984 සිට එකතු කර ගත් සම්මාන මලුවල බරට සළකන්නට 2020 වසරේ දී ඔහු ට සංස්කෘතික අමාත්‍යංශය මඟින් කලා භූෂණ සම්මානය ද පුද කරේය.මෙසේ එකතු වූ සම්මාන විශේෂයෙන්ම අංග රචනා ශිල්පියෙක් ජාතික මට්ටමෙන් දිනා ගෙන ඇති ඉහළම සම්මාන ප්‍රමාණය බවත් ලෝකයේ අංක එකේ ස්ථානය පාදක කරගෙන ඔහුගේ නමින් ගිනස් වාර්ථාවක් සටහන් කිරීමටත් මේ දිනවල අසූවේ අපි කණ්ඩායම පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේය.එසේම වසන්තට දවසක් උත්සව සභාව අවසානයේ තිළිණ බොහෝ ප්‍රමාණයකින් වසන්ත සම්මාණනීය වෙද්දී පූරකයන් ලෙස උළෙල මෙහය වූ රසාදරී මුණසිංහ සහ අජිත් ලොකුගේ වෙත ලැබුණු පණිවිඩයකි.ඒ ජූඩ් ශ්‍රිමාල් වසන්ත විටිටච්චිට නාට්‍ය අධ්‍යක්ෂණයක් කිරීම සඳහා තම දායකත්වය ලබා දෙන බවය.හැබැයි වසන්ත එ සම්බන්ධයෙන් පිනා යන සිත් ඇතුව සිටියද, නිසි වේලාවට,නිසි පිටපත සමඟ නිසි නළු නිළි කැළ ද ගෙන වේදිකාවට පැමිණෙනවා විනා ජූඩ් කියූ පමණින් හෙට කරමු මචං කියා ආවාට ගියාට වැඩටනම් එළැඹෙන්නේ නැති බව සහතිකය.ඒ වසන්තගේ දක්ෂාවයන්,හැකියාවන් ජයග්‍රහණයන් විසින් දෙන පණිවිඩයය.හැබැයි වසන්ත ගැනම නොසිතා ඔහුගෙන් ගුරුහරුකම් ලද පිරිසගේ වගකීම් සහගත හැසිරීම ක්‍රියා කළාපය දුටවමද එය සිහියට නඟා ගන්නට පුළුවන.ගහක් වැඩෙන්නේ නැඟෙන්නේ, සෙවණ සහ ඒ විශ්වාස සියල්ලෙහි පිහිටාය. ගස යට සිටින්නන්ට විශ්වාසය හදන්නේ සුළඟ සමඟ මුසු ගසේ අතුවල චලනයන්ගේ බියකරු හැසිරීම් නොවේය.ඒ මුල්වල ඇති ශක්තියය.

බොහෝ අයට වැඩෙන්නට ඒ ආකාරයෙන් ශක්තිමත් මුල් සහිත රුකක් වූ වසන්තට දවසක් මදිය.හැමදාම කලා කේෂ්ත්‍රයේ ඔහු ගැන කියන්නට අලුත් කතා එන්නේය.ඒවා අපූරු රසයකින් යුක්තය.ඒ රසට ගුණට සබැඳි දේ සිතැති සිත් මෙන්ම,ඔහු නාට්‍ය කලාව වෙනුවෙන් කරන ලද අපිරිමිත සේවය තව දුරටත් අවශ්‍යය වන්නේය.එසේනම් ලැබෙන දවසක් නොව මොහොතක් ද වසන්තගෙන් බැහැරට ගන්න නොහැකිය.හැම තත්තපරයකම කලා කේෂ්ත්‍රයන්ට සම්බන්ධ කොතැනක හෝ වසන්ත විට්ටචිචි ගැන පැවසෙන්නේය.ඒ නිසා ගෙවන හැම දවසම වසන්තගේය.

වසන්ත මුල් වූ ගස් මෙන්ම වසන්තට මුල් වු ගස් ගැන ද මේ සටහනේ ඇමිණි ඇත.එහෙත් එය වැඩෙන පොළව වන්නට ඇත්තේ නිවසය.පොලිස් නිලධාරියෙක් වු පියාගේ විනය ද,ඊට වඩා ආදරණිය මෙහෙයවීමක් පෙන් වූ ගුරුවරියක්ව විදුහල්පතිණියක් දක්වාම වැඩුණු අම්මා ද ඊට හේතු වන්නට ඇත.මේ නිසාම වසන්ත විට්ටච්චි පවුලෙ බාලයා හැටියට අක්කලා හතර දෙනෙක්ගේ සහ අයියා කෙනෙක්ගෙ හුරතලය ලබන්නෙත් වෙනස්ම විදිහකටය.ඒවා තුළ තිබුණෙ සෞන්දර්ය සහ අධ්‍යාපනය ය.මේවා නිසාම වසන්ත ඉගෙනගන්න වගේම උගන්නන්නත් දක්ෂ වෙන්න ඇති.සියල්ල කළමණාකරණය කරගන්න අවශ්‍යය සංයමය සහ ශික්ෂණය ලබන්න ඇති.කලාවට යන සිත කැලෑවට යනු නැත කියා අම්මගේ ආදරය ඒ කෙරෙහි යොමු වුණ නිසාම ඉස්සර බොහෝ කලාකරුවන්ට සෙවණ දෙන විවිධ අන්දමේ සාකච්ඡා සඳහා විවර වුණු වසන්තලගේ සේදවත්තෙ ගෙදර පරිසරය ගැන සමකාලීනයන් කියන කතා පැත්තකින් තියලා වසන්ත හැදෙන්නෙ කොහොමද කියන එක දැනගන්න ඔහු පළමුවරට අශෝක හදගමගේ භූමිකා වෙනුවෙන් අංග රචනා ශිල්පියා විදිහට සම්මානය ගත්තම වසන්තගෙ අම්මා ලියූ කවියම සෑහේ ය.

ඈතින් ඇසෙන්නේ ඔල්වරසන් හඬ ය
මෑතින් පෙනෙන්නේ මගෙ පුතුගේ රුව ය
මා හට දැනෙන්නේ සිත ආඩම්බර ය
පුතු ඔබ නොවෙයි තිළිණය දිනුවේ මම ය
අපි ඔහුට තව දුරටත් අලුත් ඉමි ද සොයා ගනිමින් ගෙවෙන හැම තත්පරයම ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ පාන පෙළහැර කරන්නට සවිමත් සවියක් ලැබේවා යැයි ප්‍රාර්ථනය කරමු!

වසන්ත
චිරං ජයතු!
අසූවේ අපි කණ්ඩායමට ද මෙවන් ඇගයීම් කරන්නට බලවත් හැඟීම් සුලවත් විය යුතුය.

(මේ වර්ණවත් මිනිසාගේ උපහාරයද අඳුරේ නො’ගිල්වා තබා ගන්නට බස්නාහිර සෞන්දර්ය කලා නිකේතනයට සැළසුමක් නොතිබීම කණගාටුය.එහි මුල් පුටුව දරන්නේද වසන්තගේ සමකාලීන නාට්‍යකරුවෙක්ය.එහෙත් එ් තැන සම්පතකි.ඒ සම්පත මතට ගොඬ නැඟෙන අපූරු මානව සම්පත්වල ආලෝකය විඳ ගන්නට රටේ ආලෝකයේ අර්බූදය නොදැනෙන්න යමක් කළානම් අසූවේ අපි කණ්ඩායමේ ආලෝකය තවත් ආලෝකමත් වන බව සහතිකය.)
පිංතූර – නාරද අමරතුංග

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan