*
Friday, September 20, 2024
spot_img

Latest Posts

බිම්ස්ටෙක් සමුළුව ඇරඹේ

ලොව බොහෝ රටවල් කලාපීය වශයෙන් මුහුණදෙන ගැටළු විසඳා ගැනීම සඳහා කලාපීය සංවිධාන පිහිටුවා ගැනීම වර්ථමානයේ ලොව පුරා දක්නට තිබෙන ප්‍රවණතාවයකි. අප්‍රිකානු රටවල්, අරාබි රටවල්, ආසියානු රටවල්, යුරෝපා රටවල්, උතුරු හා දකුණු ඇමරිකානු රටවල් වශයෙන් පිහිටුවාගත් කලාපීය සංවිධාන බොහොමයක් දක්නට ලැබේ. රටවල් මෙලෙස කලාපීය වශයෙන් සංවිධාන පිහිටුවා ගැනීමට ප්‍රධාන අරමුණු දෙකක් ඇත.

1. කලාපීය වශයෙන් ඔවුන් මුහුණදෙන ගැටළු වලට සංවිධානාත්මකව මුහුණදීම.

2. රටවල් අතර තාක්ෂණික හා ආර්ථික දැනුම හුවමාරු කරගනිමින් ආර්ථික වාසි ළඟා කරගැනීම.

සාමාන්‍යයෙන් එකම කලාපයේ රට වලට මුහුණ දීමට සිදුවන්නේ එක හා සමාන ගැටළු වලට බැවින් එම ගැටළු වලට සංවිධානාත්මකව කලාපයේ අනෙකුත් රටවල් සමග සහයෝගීතාවයෙන් කටයුතු කීරීමෙන් එම ගැටළු වලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි පරිසරයක් නිර්මාණය වේ.⁣ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් හතරක් එකතු වී 1997 වසරේදී පිහිටුවා ගත් සංවිධානය බිම්ස්ටෙක් නම් වේ. බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තය මෙහි ආරම්භක සාමාජිකයන් වූ අතර ආරම්භයේදී මෙය BIST-EC (Bangladesh,India,Sri Lanka and Thailand Economic Cooperation) නමින් හැඳින්විය.පසුව 1997 ⁣අවසානයේ මියන්මාරයද, 1998 වසරේදී නේපාලයද, 2004 වසරේදී භූතානයද මෙම සංවිධානය හා එක්වීමත් සමග 2004 දී සංවිධානයේ නම බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්කේ එකඟතාව ( BIMSTEC – Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation ) ලෙස වෙනස් විය.

දකුණු ආසියානු රටවල් හා ගිණිකොනදිග ආසියානු රටවල් මෙහි සාමාජිකත්වය දරන අතර වර්තමානයේ මෙහි රටවල් හතක් සාමාජිකත්වය දරයි. එක් රටක සමුළුවක් පැවැත්වූ පසු ඊළඟ සමුළුව සඳහා තවත් රටක් තෝරාගන්නා අතර, එම තෝරාගන්නා රටේ රාජ්‍ය නායකයා ඊළඟ සමුළුව පැවැත්වෙන තුරු බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. මෙවර සමුළුව ශ්‍රෘ ලංකාවේ පැවැත්වෙන බැවින් එහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ය.බිම්ස්ටෙක් සංවිධානයේ 24 වෙනි සංවත්සරය පසුගිය 06 වෙනිදාට යෙදී තිබුණ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තම සුභාශිංසන එක් කරමින් කියා සිටියේ ” බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් ( BIMSTEC ) සංවිධානයේ 24 වන සංවත්සරය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් සුභාශිංසන එක් කිරීමට ලද මෙම අවස්ථාව තමන් ඉතා ගෞරවයක් ලෙස සලකන බවයි.

එසේම වර්ෂ 1997 දී ශ්‍රී ලංකාවට මෙම ගෞරවාන්විත සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වීමට ලැබීම මහත් අභිමානයටද හෙතු වූ බවයි.”බිම්ස්ටෙක්හි ප්‍රධාන අරමුණ වන බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු සහ අග්නිදිග ආසියානු රටවල, තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇතිකිරීම බැවින් එම රටවල් අතර සිදුවන ආනයන – අපනයන වෙළඳාම තීරුබදු රහිතව කරගෙන යාම මෙහි මූලික අරමුණකි. පොදුවේ සියළු රටවල් මුහුණපාන ස්වභාවික විපත් සඳහා සාමූහිකව මුහුණදීම සහ අවශ්‍ය තීරණ ගැනීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.මෙහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම හා ආයෝජනය, ප්‍රවාහනය හා සන්නිවේදනය, බලශක්තිය, සංචාරක කර්මාන්තය, තාක්ෂණය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, මහජන සෞඛ්‍ය, දුප්පත්කම අවම කිරීම, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම, ස්වභාවික විපත් කළමනාකරණය, මහජන සම්බන්ධතා, සංස්කෘතික සම්බන්ධතා සහ දේශගුණික වෙනස්වීම් යන ක්ෂේත්‍රයන් දහහතරක් යටතේ අරමුණු ක්‍රියාවට නැංවූ අතර වර්තමානයේ එය ප්‍රධාන ක්ෂේත්‍ර හතක් දක්වා අඩුකර ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයට නායකත්වය මෙන්ම සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය සඳහා සහයෝගීතාවය ලබා දේ.

බංගලාදේශය වෙළඳ හා ආයෝජන ක්ෂේ‍ත්‍රයටත්, භූතානය පරිසර හා කාලගුණික විපර්යාස ක්ෂේත්‍රයටත්, මියන්මාරය කෘෂිකර්ම හා ආහාර සුරක්ෂිතතා ක්ෂේත්‍රයටත්, ඉන්දියාව ආරක්ෂාව සහ ත්‍රස්තවාදය මඩලීමේ ක්ෂේත්‍රයටත්,නේපාලය අන්තර් පුද්ගල සබඳතා ක්ෂේත්‍රයටත්, තායිලන්තය මහජන සබඳතා ක්ෂේත්‍රයටත් නායකත්වය ලබා දේ.බිලියන 1.5ක⁣ පමණ ජනතාවක් බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල වාසය කරන අතර එය ලෝක ජනගහනයෙන් 22% කි. බිම්ස්ටෙක් සංවිධානයට අයත් සියලු රටවල් මුහුණ දෙන අභියෝග අතරින් ප්‍රධානම අභියෝගයන් වන්නේ රටවල පවතින දූෂණ වංචා සහ අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය ජාවාරම සහ එනිසා සිදුවන මිනිස් ඝාතන, අවි ආයුධ ජාවාරම සහ ත්‍රස්තවාදයයි. මේ සඳහා විසඳුම් සෙවීමේදී වර්තමානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම සහ අත්දැකීම් විශාල පිටුවහලක් වියහැකි බව කලාපයේ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පස්වන බිම්ස්ටෙක් සමුළුව මාර්තු 28,29 සහ 30 යන දින වල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ප්‍රධාන සමුළුව 30 වන බදාදා දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. සමුළුවට සහභාගීවීම සඳහා බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සිල් ලෙක්පෙල් මහතාද දිවයිනට පැමිණ ඇත.

WGM Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan