*
Friday, September 20, 2024
spot_img

Latest Posts

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේ පළමු දින සාකච්ඡා 2022 මාර්තු 28 වන දින පැවැත්වූයේය. ද්විපාර්ශවික කටයුතු සහ බිම්ස්ටෙක් සමුළුව සඳහා එතුමා සමඟ නව දිල්ලි හි විදේශ කටයුතු අමාත්‍යාංශයේ පස් සාමාජික නිල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

2.       විදේශ කටයුතු අමාත්‍යතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ පෞද්ගලික සුභාශිංසන එතුමා වෙත පළ කළේය. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා 2022 වසරේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක පමණ ආර්ථික සහයෝගය සම්බන්ධයෙන් ඉන්දියානු රජයට සිය ස්තුතිය පළ කළේය. ආචාර්ය එස්. ජයිශංකර් මහතා ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ඉන්දියාව තවදුරටත් සහයෝගය ලබා දෙන බවට සහතික විය. මෑතකදී රජය සහ දෙමළ ජාතික සන්ධානය (TNA) අතර පැවති සාකච්ඡා, ආරක්ෂක සහ බලශක්ති සහයෝගීතාවය සහ ධීවර ගැටළු යනාදිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරන ලදී. ඉන්දියානු ආයෝජනයන්ට විශේෂ අවධානයක් යොමු කරමින් දෙරට අතර ආර්ථික සහ වාණිජ සබඳතා වඩා ශක්තිමත් කිරීමට ද එකඟ වන ලදී.

3.       විදේශ කටයුතු අමාත්‍යතුමා යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය අතථ්‍ය ආකාරයෙන් විවෘත කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනකට ද සහභාගී වූ අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය. එම දෙපළ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සංස්කෘතික ඉදිරිපත් කිරීමක් – භරත නර්තනයක්, ඉන්දීය සහ ශ්‍රී ලංකා ජනතාව සහ ඔවුන්ගේ සදාකාලික මිතුදම වෙනුවෙන් වන විශේෂ පූජාවක් යනාදිය නැරඹූහ. ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව යාපනයේ පැවැත්වෙන කෘත්‍රිම පාද සවි කිරීමේ කඳවුර ද අතථ්‍ය ආකාරයෙන් දැක බලා ගන්නා ලදී. මෙයට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඉන්දියානු ප්‍රදානය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා සහභාගී වූහ. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම හා සම්බන්ධ අවබෝධතා ගිවිසුමේ නව වන වගන්තිය සංශෝධනය කිරීම සම්බන්ධ ලිපි ලේඛන ද මෙහිදී හුවමාරු කරගන්නා ලදී.

4.       විදේශ කටයුතු අමාත්‍යතුමා මාර්තු 28 වන දින පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු විය. බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ්-19 වසංගතයේ බලපෑම තවමත් තදින් දැනෙන සමයක අසල්වාසී රාජ්‍යයන් දෙක අතර වඩා ගැඹුරු ආර්ථික සබඳතා හි වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සහයෝගීතාවය “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රවේශය සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (Security and Growth for All in the Region – S.A.G.A.R) යන සංකල්පය මත පදනම් වන බව විදේශ කටයුතු අමාත්‍යතුමා අවධාරණය කළේය. ඉන්දියාව අවැසි සෑම මොහොතකම ශ්‍රී ලංකාව සමඟ රැඳී සිට ඇත.

5.       විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පස්වරුවේ ආචාර්ය ජයිශංකර් මහතා සමඟ සාකච්ඡාවල නිරත විය. දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවයේ සියළු අංශයන් මෙහිදී සාකච්ඡා කරන ලදී. ද්විපාර්ශවික බැඳීම් හි පුළුල් පරාසය පිළිඹිබු කරමින් විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් විවිධ ගිවිසුම් ද අත්සන් තබන ලදී.

i)        ඉන්දියානු රජයේ ප්‍රදාන යටතේ ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව (SL-UDI) ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අවබෝධතා ගිවිසුම

ii)      සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම

iii)      යාපනයේ දූපත් තුනක දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක  කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම

iv)      ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධ අවබෝධතා ගිවිසුම

v)       ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීන පරිඝනක විද්‍යාගාර සහ   විශේෂයෙන් සැකසූ විෂයමාලා මෘදුකාංග සහිත සුහුරු පුවරු (smart board) ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම සහ

vi)      සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම

6.       විදේශ කටයුතු අමාත්‍යතුමා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද හමු විය. මෙහිදී ධීවර ගැටළුව සහ බලය බෙදීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදී.

7.       විදේශ කටයුතු අමාත්‍යතුමා HCL ටෙක්නොලජීස් සමාගම වෙත ද ලංකා IOC ඉන්ධන පිරවුම්හලක් වෙත ද ගිය අතර විවිධ දමිළ දේශපාලන පක්ෂ නායකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. HCL සමාගම ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා 1,800කට වැඩි සංඛ්‍යාවක් සපයා ඇත. දශක දෙකකට පෙරාතුව ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ස්ථාපනය කිරීමෙන් අනතුරුව ලංකා IOC සමාගම දෙරට අතර බලශක්ති සහයෝගීතාවයේ පෙරමුණ ගෙන සිටියි.

8.       යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉන්දු – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවය පිළිබඳ දිදුලන නිදසුනකි. මූලික වශයෙන්ම උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සංස්කෘතික යටිතල පහසුකම් පුළුල් කිරීම අරමුණු කරගත් සංහිඳියා ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ ඉදිකරන ලද මෙම අති නවීන සංස්කෘතික මධ්‍යස්ථානය මහල් දෙකක කෞතුකාගාරයක්, 600ක ආසන ධාරිතාවයක් සහිත නවින ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගනුම් කුළුණක් සහ එළිමහන් රංගපීඨයක් ලෙස ද යොදාගත හැකි පොදු ප්‍රදේශයක් යනාදි විවිධ පහසුකම්වලින් සමන්විත වේ.

9.       විදේශ කටයුතු අමාත්‍යතුමා 2022 මාර්තු 29 වන දින බිම්ස්ටෙක් සමුළුවේ අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහභාගී වනු ඇත.

***

කොළඹ

2022 මාර්තු 28

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan