*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

“ෂටප් ඇන්ඩ් සිඩ් ඩවුන් “

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීවරුන් කතා කරද්දී ‘ෂටප් ඇන්ඩ් සිඩ් ඩවුන්…’ කියලා මන්ත්‍රීවරුන්ගේ කට වහන්න පසුගිය දවස් වල වැඩ කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේවෙන විට අපේ රට ආර්ථික අර්බුදයකට වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ සටහනකට තල්ලු‍ කරමින් යනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීවරුන් කතා කරද්දී ‘ෂටප් ඇන්ඩ් සිඩ් ඩවුන්…’ කියලා මන්ත්‍රීවරුන්ගේ කට වහන්න පසුගිය දවස් වල වැඩ කළා. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්න මතු කරමින් අධිකරණයට ඇඟිලි ගැසීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරමින් විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුවට කැඳවන්න හදනවා. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ වලපල්ලට ගිහිල්ලා. විධායකය විසින් පාර්ලිමේන්තුවත්, ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත්, මාධ්‍යයත් පාලනය කරන තත්වයට පත්වෙලා.

රටේ ආර්ථික අර්බුදය එය ඇතිවෙන්න පෙර සමගි ජන බලවේගය විදිහට අපි පාර්ලිමේන්තුවේදී ඇහුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ප්‍රමාද ඇයි කියලා. මොකද අපි දැනගෙන හිටියා මේ ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙ නැතිව විසඳ ගන්න අපහසුයි කියලා. මේ වෙන කොට අපේ රට අවස්ථා දාහතක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඒ වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා. එයින් දැනට අවස්ථා දහයක් අසාර්ථක වෙලා හයක් පමණක් සාර්ථක වෙලා තියෙනවා. 2016 සිට 2020 දක්වා එවකට හිටපු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට

ගිහින් තිබුණා. එම අවස්ථා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යද්දි රටේ ජනතාවට ඒ ගැන දැනුමක් තිබුණේ නැහැ. නමුත් මෙවර කුඩා දරුවා පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මොකක්ද කියලා දන්නවා. මෙවර අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ වැඩසටහන ඉදිරිපත් කළේ සහ ඔවුන් එය පිළිගන්න තීරණය කළේ රට බංකොලොත් වුණාට පස්සේ.

එහිදී අපිට දාපු කොන්දේසි දැඩි වුණා. ඒවා විඳින්න වෙලා තියෙන රටේ ජනතාවට තියෙද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමමින් යනවා. පාර්ලිමේන්තුවට ඇඟිලි ගහගෙන අධිකරණයට ඇඟිලි ගහන විතරක් නෙමේ මාධ්‍යයටත් ඇඟිලි ගහනවා. පසුගිය දිනවල අපි දැක්කා සියත මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියෙක්ට වරප්‍රසාද කඩ වීමක් සිදු වුණා කියලා නීතිපතිවරයාට යොමු කරන ටෙලි හරහා වරප්‍රසාද කඩ වුණා කියලා. පාර්ලිමේන්තුවම මර්දනය කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා සේ අපි තරයේ හෙළා දකිනවා. අනෙකුත් මාධ්‍ය වලටත් මීට පෙර සිදු වුණා. උදාහරණයක් විදිහට සිරස දෙරණ හා අනෙකුත් මාධ්‍යයන් ඒවා නැවතත් බය කරන්න මේ වැඩපිළිවෙළ කරනවා කියලා තමයි මට හිතෙන්නේ.

ඒවගේම දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි දැක්කා පසුගිය දවස්වල කිව්වා අපේ රටේ ණය වසර දහයක් දක්වා කල් ඕන කියලා. අපි ණය වෙලා තියන ප්‍රමාණය ඩොලර් බිලියන 50 ක් පමණ වෙනවා.

අරමුදලේ එක් කොන්දේසියක් තමයි රජයට බරක් වෙලා තිබුණු රාජ්‍ය ආයතන ප්‍රතිවිවෘත කරන එක. නමුත් දැන් ආණ්ඩුව මොකක්ද කරන්නේ රජයට බරක් වෙච්ච රාජ්‍යායතන තියෙද්දි ලාභ ලබන ආයතන විකුණන්න තීන්දු කරලා. විශේෂයෙන්ම ආයතන හතක් මේ වෙනවිට නම් කරලා. දැනගන්න තියෙන විදිහට ආයතන විසිපහකට ආසන්න විකුණන්න තීන්දු කරලා. ඇයි මේවා විකුණන්නේ. මම දැක්කා එක්තරා ඇමැතිවරයෙක් කියනවා වෙන විකල්පයක් නැහැ. ණය ගෙවන්න විදියක් නැහැ. එකම විකල්පය රාජ්‍යායතන විකුණන එක කියලා. ටෙලිකොම් ආයතනය රජය සතු කොටස් පුද්ගලික අංශයට විකුණුවොත් මොකද වෙන්නේ “

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan