අනුරගේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රවෘත්ති සමන්ත දැන්ම කියවයි. මහින්දව, චන්ද්‍රිකාව නිලනිවෙස් වලින් එළියට දාන හැටිත් කියයි !

Date:

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වෙන දිනයේ රාත්‍රී 12.00 සිටම හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ නිලනිවාස අහෝසි කිරීමට තීන්දු කරන බවත් පහුවදා උදෑසනම ඔවුන්ව නිලනිවාස වලින් එළියට දමන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“ජාතික ජන බලවේගයේ කැබිනට් මණ්ඩලය අද ප්‍රථම වරට රැස්වී විශේෂ තීන්දු තීරණ රැසක්ම ගන්නා ලදී. එහි එක් තීන්දුවක් පරිදි අද මධ්‍ය රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට වෙන් කළ විශ්‍රාම වැටුප් සහ නිලනිවාස සියල්ල අහෝසි කරනු ලැබේ …… කියලා තීන්දුවක් ගන්නවා. ඒ වුණාට රෑ 12.00 ට එළියට දාන්නෙ නෑ. චන්ද්‍රිකා නෝනා වයසයි, මහින්ද මහත්තයාත් අසනීපයි. රෑ 12.00 ට දාන්නෙ නෑ, උදේට දාන්නෙ. නිකම්ම දාන්නෙ නෑ, දරුවොන්ට එන්න කියලා දෙමව්පියෝ භාරදෙනවා. අපේ මහින්ද මහත්තයාගෙ පුත්තු ටිකට එන්න කියනවා. පුතේ තාත්තා ගෙදර එක්කන් යන්න, ගෙවල් තුනක් තියෙනවා නේද ? මැදමුලනට එක්කන් යන්න. චන්ද්‍රිකා නෝනාගෙ දොස්තර පුතාටත් එන්න කියනවා. පුතේ, උඹෙ අම්මට ගෙවල් තුනක් තියෙනවා නේද ? ලන්ඩන් ගෙදර එක්ක යන්න. අපේ දෙමව්පියෝ බලාගන්නෙ අපි නම්, එයාලාගෙ දෙමව්පියෝ අපි බලාගන්නෙ ඇයි වියදම් කරලා ? මේක මාර දෙයක්නෙ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති ජාතික ජන බලවේගයේ කාන්තා රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...