*
Friday, October 25, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 137 වැනි ස්මාර්ට් පන්ති කාමරය තම්බරපුරම් ශ්‍රී නාගරාජා විද්‍යාලයට (VIDEO)

ජාතීන් අතර ආගම් අතර සමගිය එකමුතුභාවය සුරක්ෂා කරමින් අප රටක් ලෙස අප එකට ජීවත් විය යුතු බවත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ලෙස වෙන් නොවිය යුතු බවත් මෙම එකමුතුභාවය රටේ ශක්තිය මෙන්ම ජනතාවගේ ශක්තිය විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රටේ සියලුම පුරවැසියන් එක හා සමාන බවත් උතුරේද දකුණේ ද බටහිර ද නැගෙනහිර ද කියා බෙදීමක් නොතිබිය යුතු බවත් කිසිම ජාතියකට තවත් ජාතියක් විනාශ කරන්න අයිතියක් නොමැති බවත් කිසිම ආගමකටද තවත් ආගමක් විනාශ කරන්න අයිතියක් නොමැති බවත් සෑම ජාතියකටම සංස්කෘතියකටම තමන්ගේ අනන්‍යතාව සුරක්ෂා කර ගනිමින් අපගේ මාතෘභූමිය තුළ සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් එකට ජීවත් විමේ අයිතිය ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 137 වැනි අදියර යටතේ වන්නි දිස්ත්‍රික්කය, වව්නියාව, තම්බරපුරම් ශ්‍රී නාගරාජා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (29) එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

ආගම් භේදය ජාති භේදය මෙන්ම අන්තවාදය තුරන් කර මේ එකමුතුභාවය සුරැකිය යුතු බවත් අන්තවාදය මුලින් උපුටා දැමිය යුතු බවත් ආගම් තුළ ඇති අන්තවාදී ආගම්වාදී සමහර මතවාද ඉවත් කර ඒ ඒ සංස්කෘතිය තුල ජීවත් වීමෙ මෙන්ම ආගම් ඇදැහීමේ අයිතිය ඇති බවත් ආගමික නිදහස තහවුරු කිරීමෙන් රටක් ලෙස දේශයක් ලෙස එක්සේසත් වන බවත් විපක්ෂ නායකවරයා අවධෘරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්ති තිබුණත් ජාතීන් ආගම් අතර ගැටුම් තිබේ නම් වැඩක් නොමැති නිසා ජාති ආගම් කුල පක්ෂ භේදයකින් තොරව අධ්‍යාපනයට මුල්තැන ලබා දී මෙරට අධ්‍යාපනය ඉහළට ඔසවා තබන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 137ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1379ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan