මෛත්‍රීට නිවසක් අත්‍යාවශ්‍යයි. එතුමාට පොලොන්නරුවට ගිහින් ඉන්න බෑනෙ – දයාසිරි

Date:

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙහි සිටියදී භාවිතා කළ සුවිසල් නිල නිවසම විශ්‍රාම යාමෙන් පසුවත් ඒ මහතාට ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (29) දිනයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

ඒ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

ඒ අනුව මෙම නිවස සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් ඊයේ කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දුන්නේ පහත ආකාරයෙනි.

“උසාවි තීන්දුව අනුව ඉදිරි කටයුතු සිද්ධවෙයි. හිටපු ජනාධිපතිතුමාට ඉන්න තැනක් අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයෙකු විදියට එතුමාට පොලොන්නරුවට ගිහිල්ලා ඉන්න බෑනෙ. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා”

කොළඹ මහගමසේකර මාවතේ පිහිටි මෙම නිවස යනු රජයේ අමාත්‍ය නිල නිවාස ඒකක තුනක් එකට එකතුකර විශාල මුදලක් වැය කරමින් නවීකරණය කර නිර්මාණය කරගත් සුවිසල් මන්දිරයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...

මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී...