මිනිස්සු අපිට බනිනවා තමයි ඒත් ඉල්ලා අස්උනා කියලා ප්‍රශ්න විසඳෙනවද ? – චමල් රාජපක්ෂ

0
544

ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුවට දැඩිලෙස දෝෂාරෝපනය කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. බැනුම් අසමින් හෝ ගමට ගොස් ජනතාව හමුවීමට තවමත් තමාට හැකියාව තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

දින ගණන් පෝලිම්වල රස්තියාදු වී භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට සිදුවීම සම්බන්ධයෙන් මහත් කණගාටුවක් දැනෙන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

පෝලිම්වල රස්තියාදු නොවී ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බවත්, ඒ වෙනුවෙන් රජය ගන්නා පියවර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

පවතින අර්බුද හමුවේ ඉල්ලා අස්වන ලෙස විපක්ෂ දේශපාලන කණ්ඩායම් බලපෑම් කරන නමුත් ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් ජනතා ගැටලුවලට විසඳුම් නොලැබෙන බවයි චමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවති උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here