ඔස්ට්‍රේලියානුවන්ට ඉන්ධන බදු සහන – ඉන්ධන මිල 48 කින් අඩු වෙයි

Date:

ගෝලීය ඉන්ධන අර්බුදයක් පවතිද්දී, බොරතෙල් මිල ඉහළ යද්දී ජනතාවට ඉන්ධන බදු සහන ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා. 2022 – 23 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙම බදු සහනය ලබා දී තිබේ.

ඉන්ධන ලීටරයක් සඳහා පනවා තිබූ ඔස්ට්‍රේලියානු ඩොලර් සත 44 ක බද්ද සත 22 ක් දක්වා පහත දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඒ අනුව ඉන්ධන ලීටරයකින් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 48 ක මුදලක් පහළ යයි.

ඉන්ධන මත පනවා ඇති බදු ඔස්ට්‍රේලියාවේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා භාවිතා කරන අතර, මාර්ග සංවර්ධනයට වඩා ජනතාවගේ වියදම් අඩු කිරීම අත්‍යවශ්‍ය තීරණයක් බවයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පවසන්නේ.

මෙම බදු කප්පාදුව මගින් වාහන දෙකක් භාවිතා කරන සාමාන්‍ය පවුලකට මාස 06 ක් තුළදී ඔස්ට්‍රේලියානු ඩොලර් 700 ක් හෙවත් රුපියල් 154,000 ක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...