Saturday, June 3, 2023
spot_img

Latest Posts

පූර්ණ එන්නත්කරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඉවතට!

පොදු ස්ථාන වලට ඇතුළු වන සෑම පුද්ගලයකුම අනිවාර්යයෙන් කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටිය යුතු බවට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ප්‍රතික්ෂේප වී තිබේ.

මෙම පෙත්සම් නිශ්ප්‍රභා කරනු ලැබුවේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර එකඟතාව මතයි.

එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් දිවයිනේ පොදු ස්ථාන වලට ඇතුළු වීම වළකාලමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 25 වන දිනය.

මෙම ගැසට් පත්‍රය හරහා අප්‍රේල් 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි පොදු ස්ථාන වලට ඇතුළු වන සෑම පුද්ගලයකු සතුවම තමා පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව තහවුරු කරන එන්නත්කරණ කාඩ්පත තිබිය යුතුය.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.