පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගෙදර යයි ද? – විශ්වාසභංග යෝජනාවක්!

Date:

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට එරට ජාතික සභාවේ බහුතර බලය අහිමි වී තිබේ.

මීට හේතුව නම් ඔහුගේ ටෙරික්-ඉ-ඉන්සාෆ් පක්ෂයට සහාය ලබා දුන් මුත්තහිදා ඛවුමි මූව්මන්ට් පකිස්තාන් නම් පක්ෂය විපක්ෂයට එකතු වීමයි.

ඉම්රාන් ඛාන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ගෙන ඇති අතර, මීට අදාළ මත විමසුම එළඹෙන අප්‍රේල් 03 දින පැවැත්වීමට නියමිත ය.

බහුතර බලය අහිමී වී ඇති ඉම්රාන් ඛාන් ට මේ වන විට හිමිව ඇත්තේ ආසන 164 වන අතර, පකිස්තානයේ ඒකාබද්ධ විපක්ෂයට ආසන 177 හිමිව තිබේ.

පකිස්තානයේ ආර්ථිකය විනාශ කිරීම ආදී කරුණු කිහිපයකට අදාළව මෙලෙස ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දේශපාලන බලවේගය ගොඩනැඟෙමින් පවතී.

ඔහුට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...