දේශබන්දුට හැංගෙන්නට සහාය දීම : අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇප මත නිදහස්

Date:

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට මගහරිමින් සැඟවී සිටීමට සහාය දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇප මත මුදාහැරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා ඊයේ (මාර්තු 29) නියෝග කර තිබේ.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ තලවතුගොඩ, ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මෙම ව්‍යාපාරිකයා තම මෝටර් රථවලින් දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රවාහන පහසුකම් සපයා ඇතැයි අනාවරණය වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව දෙවරක්ම කැඳවා ප්‍රශ්න කර ඇත. ඉන් අනතුරුව ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති අතර පොලීසිය එහිදී ඔහුව අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේම තබාගෙන සිට ඇත.

එහිදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද ඉල්ලීමක් අනුව කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටින තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් ඔහුව පරීක්ෂා කර බැලීමෙන් පසු ඔහුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කර තිබේ. වැඩිදුර නඩු විභාගය අප්‍රේල් 03 වනදා යළි කැඳවීමට නියමිත ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට මගහරිමින් සැඟවී සිටීමට සහාය දීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ද ඊයේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...