Home පුවත් ක්‍රී​ඩා කොළඹ දක්ෂයන් ඇගයීම අදයි.

කොළඹ දක්ෂයන් ඇගයීම අදයි.

නිශ්මං රණසිංහ ,මාර්තු 30, කොළඹ LNW:

කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් ත්‍යාග ප්‍රදානය 2025 අද දින (මාර්තු 30) කොළඹ සීසීසී ක්‍රීඩාගාරයේදී පැවත්වෙනවා.එහිදී සමස්ත සම්මාන 49 ක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.වයස් කාන්ඩ යටතේ කේවල සම්මාන 43 ක් ද පිරිනැමෙන මෙම සම්මාන උත්සවයේ අවුරුදු 17 න් පහළ,19 න් පහළ කණ්ඩායම් සඳහා තේරී පත් වූ ක්‍රීඩකයින් 21 දෙනෙකුද ඇගයීමට ලක් වෙනවා.

තනච අවුරුදු 15 න් පහළ,19 න් පහළ සහ 25 න් පහළ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ට ද,කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කරන තරගාවලිවල සූරයන්ට සහ අනු සූරයන්ට සූරතා ප්‍රදානය මෙන්ම විශේෂ දක්ෂතා ඇගයූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ද මෙහිදී සිදුවිමට නියමිතයි.