නිශ්මං රණසිංහ ,මාර්තු 30, කොළඹ LNW:
Carvel Jackson Memorial Track & Field Showcase මලල ක්‍රීඩා සූරතාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇරිසෝනා ප්‍රාන්තය නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලාංකිකයෙකු වන යසිරු මලිත්ට හැකි වී තිබෙනවා.මෙහිදී මලිත් සිය පළමු පිම්මෙන්ම මීටර් 16.50 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වෙනවා.ඔහුගේ පිමි හයෙන් හොදම පිම්ම වූ එම පිම්ම මලිත්ගේ හොදම පෞද්ගලික දක්ෂතාවය ද වෙනවා.
මලිත් මේ වසරේ දී ඇමෙරිකාවේ සහභාගි වූ තරගවලදී තුන් පිම්ම ඉසව්ව සඳහා මීට පෙරත් පළමු ස්ථානයක් සහ දෙවන ස්ථානයක් දිනා ගන්නට සමත්ව තිබෙනවා.ජාත්‍යන්තර තරගාවලියක් නියෝජනයට සහභාගි වී සිටියදී අතුරුදහන් වූ ග්‍රේෂන් ධනංජය විසින් මීටර් 16.72 ක් වූ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන අතර මීටර් 16.50 දුර ඉක්මවා තුන් පිම්ම ඉසව්වෙන් දක්ෂතා දක්වා ඇත්තේ මලිත් සමඟ තිදෙනෙක් පමණක් වීම නිසා මේ දක්ෂතාවය අතිශයින් වැදගත් වෙනවා.
ග්‍රේෂන් මෙන්ම ජාතික වාර්තාව තැබූ තරගයේදී දෙවන තැන දිනා ගන්නා චමල් වඩුගේ විසින් මීටර් 16.57 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා.මේ වන විට 29 වන වියේ සිටින ග්‍රේෂන් හෝ 28 වන වියේ පසුවන චමිල් සම්බන්ධයෙන් වාර්තා නොවන අතර තවමත් 22 වන වියේ පසුවන මලිත් සම්බන්ධයෙන් ද,එවැනි සැඟවී යාමක් නොවන්නට වත්මන් මලල ක්‍රීඩා පරිපාලනයේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
මේ තරගයේදී දෙවන ස්ථානයට පත් ජේඩ්න් පැටර්සන් මීටර් 16 ඉක්මවා තුන් පිම්ම ඉසව්වේ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වන අතර එහෙත් ඔහු මේ තරගයේදී මීටර් 14.88 ක් පමණයි.එහෙත් හොඳ තරගකාරී සමීප තරගකරුවෙක් ලෙස හැඳින්විය හැකි ජේඩ්න් ද ඇරිසෝනා ප්‍රාන්තයම නියෝජනය කිරීම ඉදිරියට මලිත්ගේ දක්ෂතාවල වර්ධනයට වැදගත් වෙයි.



