වෘත්තීය සමිති ගැටලු විසඳීමට හර්ෂගෙන් යෝජනාවක් (VIDEO)

Date:

රටේ පවතින තත්වය හමුවේ වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර එකඟ විය හැකි තැනකට පැමිණිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“වෘත්තීය සමිති ඉදිරිපත් වෙලා තියෙනවා ඒ ආයතන සම්බන්ධයෙන්, සේවකයින් සම්බන්ධයෙන් වෘත්තීය අරගල ඉදිරියට ගෙනියන්න. ඕනෑම සමාජයක කොටස්කරුවෝ කිහිපයක් ඉන්නවා, පාර්ශ්වකරුවෝ කිහිපයක් ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි. ඉතින් අපට අවශ්‍ය වෙන්නේ මේ සියලුම දෙනාට එකඟවෙන්න පුළුවන්, රටට ඵලදායී විසඳුමකට එන්නයි. සමාජ වෙළඳපොල ආර්ථිකය කියන එකෙන්ම අපි කියන්නේ වෘත්තීයවේදියාට, කම්කරුවාට, වැඩකරන පුද්ගලයාට ඇත්ත වශයෙන්ම පිළිගැනීමක්, ගෞරවයක් තියෙන්න ඕනෙ. එහෙම පිළිගැනීමක්, ගෞරවයක් නැති ආර්ථික ක්‍රමවේදත් තියෙනවා. අපි විශ්වාස කරන්නෙ නෑ ඒක. අපි සමාජ සාධාරණය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන දේශපාලන පක්ෂයක්. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා. එතකොට වැඩකරන ජනතාවත් මේ වැදගත් පාර්ශ්වකරුවන්ගේ එක කණ්ඩායමක්. ලෝකේ බොහෝ රටවල් තියෙනවා ඒ සියලු දෙනාගේ අදහස් සාකච්ඡා කරලා එකඟ වෙන්න පුළුවන් තැනකට එනවා. එහෙම දෙයක් තමයි මම විශ්වාස කරන්නේ තිරසාර විසඳුමක් හැටියට. මොකද කවුරුහරි උත්සාහ කරනවා නම් කඩාකප්පල් කරන්න, එහෙම නම් මේක තිරසාර දෙයක් නෙවෙයිනෙ. කඩාකප්පල් කරන්න නොවන තැනකට එකඟතාවකට එන්න පුළුවන් නම් ඒක තමයි හොඳම කියන එකයි මගේ අදහස”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...