*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ඩස්පින් – ටී ටුවෙන්ටි

අවුරුදු 15 ක විතර පොඩි එකෙක්ව අම්ම කෙනෙක් ගගහ අරගෙන යනවා.කෙත්තාරාම වටේ මිනිස්සු බලාගෙන ඉන්නවා.
මූව පොලිසියට අල්ලල දෙන්න තියෙන්නෙ.18 පනිනකං ඉවසන්න බැහැ.
අම්ම වටේ ඉන්න මිනිස්සුන්ටත් කිය කිය බනිනවා.
ඇල පැත්තට පැනල කූරක් ගහන්න ඇති.ඔතන පැට්ටො විමානෙ.
කණේ පැට්ටෙක් ගහගෙන ඉන්න බුහෙක් හෙමින් සීරුවෙ කිව්වා.
ඒවා තියෙන තැන්නම් ඉතිං ටක්කෙටම දන්නවා.තුනපහ ටිකක් ගේන්න කිව්වම තමයි කොයි කඩේද තියෙන්නෙ කිය කිය අහන්නෙ.
මේ මැච් එක අස්සෙ මං හිතන්නෙ නැහැ එහෙම කරයි කියලා.පොලිසිය සූ ගාලා නෙ.

තව කෙනෙක් එයාගෙ අදහස් පළ කළා.
අනේ පළයෑං බං යන්න.දරුවගෙ කිරි බෝතලේට කොත්තමල්ලි කියලා අරක්කු දාං යන උන් ඉන්නෙ.
ඒකට විරුද්ධව අදහස් ඉදිරිපත් කරමින් තමන් කියපු දේ සාධාරණය කරන්න පැට්ටා කණේ ගහං ඉන්න බුහා ආයෙ ඉදිරිපත් වුණා.
අරක්කුවල ඉතිං එහෙම පැතිරෙන සුවඳක් නැහැනෙ බං.මලක් කොහොමද එහෙම ගහන්නෙ.ග්‍රවුන්ඩ් එකේ ගැහැව්වත් මෙහෙත් සුවඳ.
එහෙම කිව්වම තමයි අර පැට්ට කණේ ගහං හිටිය බුහාට මීටර් වුණේ තමනුත් ඉන්නෙ අවුලක කියලා.මනුස්සය ටක් ගාලා බැඳගෙන හිටිය කොණ්ඩෙ කඩා දාලා කණ වහ ගත්තා.
සමහර විට නිලක් බලල වෙන්න ඇති.
තරමක තරුණ පහේ කොල්ලෙක් හෙමින් කිව්වා.
මේ මැච් අස්සෙ?
ටිකක් වැඩිහිටි පෙණුමක් තියෙන කෙනෙක් ඇහැව්වා.
ඔය පන්සල පිටුපස්සට ගියහම පුළුවන්.සුවඳක් සද්දයක් එන එකක් යැ.හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන මාරුවෙන් මාරුවට පෝන් එකේ බලන්න පුළුවන්.
කොල්ල තමන් කරන හැටිම කියලා දැම්මම තමයි පස්සෙ එන කරදර ගැන ඉව වැටුණෙ.
එහෙනම් උඹත් ඔය හවසට හවසට පන්සල පැත්තෙ යන්නෙ අභිධර්මය ගැන දහම් පාසල් අවසානෙට අහගන්න කිය කිය ඕකට තමයි.උඹලගෙත් තියෙන්නෙ මරු ධර්මනෙ බං.
කොල්ලගෙ අම්මා හිටියෙ නැහැ වෙලාවට.අක්කා තමයි පැනලා වැඩේ මතක් කළේ.

මේ අස්සෙ අර කොල්ල ඇඳ ගෙන ගිය අම්මා පස්සෙන්ම ගිහිං හරිම ප්‍රවෘත්තිය දැන ගත්තු ඇන්ටි කෙනෙක් ඇඳං උන්නු දිග ගවුම භාගෙට උස්සන් දුවගෙන ආවෙ නිව්ස් එකේ රශ්ණෙ නිවෙයි කියන බයට.
ඌ ටී ටුවෙන්ටිය බලන්න ගිහිං තියෙන්නෙ.
එතනදි බීලද?
නිලක් බලලද?
එක එකා ඇන්ටිට බාධා කරනවා.
නැහැ බං මැච් එක බලලා.
ඇන්ටි කතාවල සද්දෙ මැකෙන්න හයියෙන් කෑ ගහලා කිව්වා.
ඒකට ගහන්න ඕනි ද බං?
එකෙක් මොකුත් හිතාගන්න බැරුව ඇහැව්වා.
ඇයි උඹලා දන්නෙ නැද්ද උන් ගැන. ඕකගෙ අයියගෙ පවුලට මේ ළඟදි හම්බ වෙච්චි නිවුන්නුන්ට, උන් නම් දැම්මෙත් රොෂානුයි අර්ජුනයි කියලා.අර්ජුන තමයි රටේ ක්‍රිකට් ගැලවුම්කාරයා කියලනෙ හිතන්නෙ.
ක්‍රිකට් උණයි අර්ජුන රශ්ණෙ ටිකකුයි තියෙන එකෙක්ට ඇන්ටිගෙ මේ විග්‍රහයට චුට්ටක් විතර මල පැන්නා.

යකෝ ටී ටුවෙන්ටියක් බලපු කොල්ලෙක්ට අම්මා තඩිබාන එකටත් උඹල හදන්නෙ අර්ජුනව අල්ල ගන්නද?
රශ්ණෙ පිටකරේ ටිකක් හයියට.
ඇයි යකෝ මනුස්සය කියලා තියෙන්නෙ එයා ආවොත් 18 න් පහළ ළමයින්ට ටි ටුවෙන්ටි බලන්නත් තහනම් කරනවා කියලා.
ඇන්ටි කිව්වා.
බොරු කියන්න එපා බං.එයාගෙ පුතා ටී ටෙනුත් ගහනවා.එයත් ටී ටුවෙන්ටි කෝච් කරලා තියෙනවා.ඉරිසියාවට කියන කතා.මනුස්සයා ක්‍රිකට් හදලා ගනියි කියලා බයටනෙ මේ ඔක්කොම.
අන්න අර නිල් කතාව විස්තර කරන්න ගිහිං නෝණ්ඩි වෙච්චි කොල්ලටත් මේ කතාවෙන් ආයෙත් ලකුණු දා ගන්න චාන්ස් එකක් හැදිලා.මනුස්සය පෝන් එකම පෙන්නලා අර්ජුනගේ විස්සයි විස්ස කතාව කියවන්න අල්ලගෙන හිටියා.අර්ජුන වෙනුවෙන් පෙනී හිටිය කොල්ලගෙ මූණ කළු වුණා.

හැදිල්ල මං දන්නෙ නැහැ අයියෙ.ඒ දෙන්න ඇඟිළි ගහන එක නැවත්තුවට පස්සෙ ක්‍රිකට්නම් ආයෙ නැගලා යනවා වගේ නේද?
කොල්ල අර කළු වුණ මූන බෙරි කරලාම දැම්මා.එතකොටම අර ගෑණු කෙනා අර කොල්ලට වොන්ඩර් බාර් එකකුත් අරං දීලා ග්‍රවුන්ඩ් එක පැත්තට ඇඳ ගෙන එනවා.අරූගේ කඳුළු තවම වේලිලා නැහැ.ඒත් ආශාවෙන් අයිස් ක්‍රීම් එකනම් ලොවනවා.

බලාපංකො බං මුංගෙ වැඩ.උගේ එකාට ටී ටෙනුත් ගහන්න පුළුවන්.අපේ එකෙක්ට ටී ටුවෙන්ටියක් බලන්නත් තහනම්.උට ගිහිං ඒවා කෝච් කරන්න පුළුවන්.අපේ එකෙක් බැලුවම ගැහැව්වම තමයි උට ඉත්තෑවා දුවන්නෙ.අපරාධෙ මං කොල්ලට තැළුවෙ.මං මූව පිට්ටනියට දාලා එන්නම් මැච් එක බලන්න.
කොල්ලගෙ ඔළුව අත ගාණ ගමන් කිස් එකකුත් දුන්න අම්මා තරගය බලන්න කොල්ලව ඇඳ ගෙන දිව්වා.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan