ඉන්ධන – විදුලි අර්බුද මැද 4G ත් අහිමි වෙයි !

Date:

ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය හේතුවෙන් ජංගම දුරකතන සමාගම්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ වනවිට ජංගම දුරකතන සේවා සපයන සමාගම් කිහිපයකම 3G සහ 4G සේවාවන්වල යම් යම් බිඳවැටීම් සිදුව ඇති බවයි එම සමාගම් පෙන්වා දෙන්නේ.

දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් අදාල සමාගම්වලට අයත් සන්නිවේදන කුළුණු නිසි පරිදි ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති අතර විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවලදී විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද අඛණ්ඩව සිදුකළ නොහැකි වී තිබෙනවා. විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම ඊට හේතුවයි.

මෙම තත්වය මත අන්තර්ජාලය භාවිතා කරමින් සිය ව්‍යාපාරවල නිරත වන, රැකියාවල නිරත වන පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

මේ අතර පවතින විදුලි කප්පාදුව, ඩොලර් අර්බුදය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විකාශනය කරන විදෙස් රූපවාහිනී නාලිකා කිහිපයක්ද ශ්‍රී ලංකාව තුළ සිය විකාශන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...