මේ ආණ්ඩුව පන්නා දැමීම සඳහා නැගෙන හඬ කොතරම් දුරට දේශපාලන යතාර්ථය සමග එකඟද යන්න ගැන අදහසක් මෙයින් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙමි.
ලංකාව නිදහසින් පසුව වමේ පක්ෂ විසින් නායකත්වය දෙන ලද 53 හර්තාලය මෙන්ම රාජ්‍ය බලවත් අභියෝගයකට ගෙන ආ සන්නද්ධ නැගිටීම් තුනකට මුහුණ දුන් රාජ්‍යක් බව අපි දනිමු. මේ සන්නද්ධ ව්‍යාපාරයන් තුනම පරාජය කරමින් රාජ්‍ය තන්ත්‍රය ජය ගනු ලැබිණ.
ඒවා ජය ගැනීමට තරම් සන්නද්ධ ව්‍යාපාරයන්ට පැවතිය යුතුව තිබු දේශපාලන පරිණතභාවයේ අඩුවක් පවතියාක් මෙන්ම ජනතාවගේ සාතිශය බහුතරය ඔවුන් සමග සිට ගත්තේද නැත. හුදු ජනතාව අතර සහ ජනතාව පෙලනු ලබන ආණ්ඩු අතර පරතරය වෙනත් මර්දනකාරී දේශපාලනමය සහ ඍජු නොවන දේශපාලනමය ප්‍රශ්න සමග එකට වෙලී නොගන්නේ නම් එබඳු ප්‍රතිවිරෝධයන් රාජ්‍ය තන්ත්‍රයට වාසි ගෙන දෙමින් නිමාවට පත්වේ.
දැන් අඳුරට දක්කා ඇති මේ සන්නද්ධ අරගල තුනේ අවතාරයන් නැවත එළිමහනට ගෙන ආණ්ඩුව පැන්නීමට සංවිධානය වන පෙළපාලිකරුවන් විසින් හොඳින් ඒ දෙස බැලිය යුත්තේ එයින් අපමන වූ පාඩම් ලබා ගත හැකි නිසාය. හුදෙක් ආණ්ඩු විරෝධයේ නැගීම පමණක් ආණ්ඩුවක් පන්න දැමීමේ හැකියාව ඇති කරන්නේ නැත.
අනික විපක්ෂය බරපතල ලෙස තමන්ගේ බලකාමී න්‍යාය පත්‍රයන්ට අනුව බෙදී ඇත. දෙවැනිව එම නිසාම එය ආණ්ඩුවට වාසි ගෙන දෙන කාරණයක් වී ඇතිවා පමණක් නොව එය ආණ්ඩුව විසින් දේශපාලනිකව තමන්ගේම වාසියට හරවා ගනු ඇත. නාමිකව හෝ ප්‍රජතන්තාරවාදී රාමුවක රාජ්‍ය පාලනය රඳවා ගෙන ඇති රටක ජනතාව ආණ්ඩු හෝ රාජ්‍ය පෙරලීම්වලට යොමුවන්නේ එය පාර්ලිමේන්තුව තුලින් ඉටු කර ගැනීමේ හැකියාවට වැඩිමනත් බරක් දැමීම මගිනි. ලංකාවේ සන්නද්ධ අරගලවල පරාජයද බොහෝවිට මෙයින් පැහැදිලිකිරීමට හැකි වෙයි.
මේ මස 3 වැනිදාට සංවිධානය කර ඇති විරෝධය හුදෙක්ම නිර්ප්‍රචන්ඩත්වය මත සංවිධානය කළයුතු වන්නේ ඉහත සඳහන් කල කරුනු මුල් කරගෙන බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. මෙයින් පිට පැනීම හුදෙක් දරුණු මර්දනයකට අත වැනීමක් වනු ඇත. එයින් වාසිය ඇතිවන්නේ ආණ්ඩුවට මිස දුක් විඳින ජනතාවට නොවේ.
නිර්ප්‍රචණ්ඩ විරෝධය පෑමක් මගින් ජනතාවගේ බලාපොරොත්තු ශක්තිමත් වනවා පමණක් නොව අනාගත සටනකට එය අඩිතාලම දමනු ඇත.
UN