එකිනෙකාට දොස් පවරා නොගෙන සමාදානමය ක්‍රමයකට යන්න – කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්

Date:

රට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රජය මෙන්ම විපක්ෂයේ හවුකාර පාර්ශවකරුවන්ද අනුගමනය කළ යුතු වන්නේ ගැටුම්කාරී හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් නොව සමාදානමය ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොදු යහපත් උදෙසා කටයුතු කරනු ඇතැයි යන විශ්වාසයෙන් තමන්ව තෝරා ගත් මිනිසුන්හට විධායකය හා ව්‍යවස්ථාදායකය වගකිව යුතු වන අතර විය යුතු වන බවත් විනිවිදභාවයෙන් යුතු විය යුතු බවත් එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

අරුත්සුන් වහසි බස් නොදොඩා සත්‍යවාදී වන ලෙසත්,කුමන ක්ෂේත්‍රයක වුවද විශේෂඥ උපදෙස් ලබාගැනීමට තරම් යථාර්තවාදී වනලෙසත් තවදුරටත් ප්‍රමාද නොවී අනෙකුත් රටවල්වලින් සහ අත්දැකීම් වලින් ඉගෙන ගෙන හොඳම භාවිතය අනුගමනය කරන ලෙසත් සියලුම පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සඳහන් කරන්නේ.

එමෙන්ම රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ තීරණාත්මක තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වන කඩිනම් විසඳුමක් සහ තිරසාර සංවර්ධනයේ ශක්ත්මත් පදනමක් මත රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගුකාලීන විසඳුම් සොයා යාම බවද එම නිවේදනයෙන් දක්වා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...