ට්‍රම්ප්, පුටින් සමඟ දැඩි කෝපයෙන්: රුසියානු තෙල් වෙනුවෙන් 25%ක බදු පනවන ලකුණු ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේන යුද්ධය වෙනුවෙන් සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් තමා ව්ලැඩිමීර් පුටින් සමඟ අතිශය කෝපයට පත්ව සිටින බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකශ කර තිබු අතර රුසියානු නායකයා මාසයක් ඇතුළත සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් මොස්කව්හි තෙල් අපනයන කරන රටවලට බලපාන පරිදී 25% හෝ 50% ද්විත්ව තීරුබදු අය කරන බවත්, එම කාලය තුළ ඔහු ඉරානයට බෝම්බ හෙලන බවට ද තර්ජනය කළ අතර ග්‍රීන්ලන්තයේ බලය යෙදවීම ප්‍රතික්ෂේප කළේ ද නැත.

ද්විතීයික තීරුබදු යනු වෙනත් රටක් සමඟ ව්‍යාපාර කරන රටවලට සම්බාධක වේ. ඒ අනුව, රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලින් එක්සත් ජනපදයට ඇතුළු වන භාණ්ඩ සඳහා බදු 50% ක් දක්වා පැනවිය හැකි අතර එවැනි විශාලතම ගැනුම්කරුවන් වන්නේ චීනය සහ ඉන්දියාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...