කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂ පක්ෂවලට නැගිටීමක් කළ නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
පසුගිය මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී එය පැහැදිලි වන අතර කඩා වැටුණු පක්ෂ වෙත නැවත ජනතාව ජන්දය භාවිතා කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි ෆොන්සේකා මහතා සඳහන් කළේ.
මේ අතර සමඟි ජන බලවේගයේ පසුගිය ජන්ද ප්‍රතිඵල හා සැසඳීමේදී එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ලක්ෂ ලක්ෂ 10ට පමණ බැස්මක් සිදුවිය හැකි බවඩ් ඔහු ප්‍රකාශ කළේය.
”අපි දන්නවා පරණ ජන්දෙදි පක්ෂවලට තිබුණ ප්‍රතිඵල. ප්‍රබල බලවේගවලට තිබුණ ප්‍රතිඵලය. ලක්ෂ 25,30 ජන්ද සංචිත තිබුණ පක්ෂවලට සිද්ධ වුණේ මොකක්ද? එක්සත් ජාතික පක්ෂයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීලා 70ක් විතර එකතු වෙලා ගොඩ නගපු බලවේගයට හම්බුණේ ලක්ෂ පහයි ජන්ද. පොහොට්ටුවට ,නාමල් රාජපක්ෂට ජන්ද ලක්ෂ තුනයි. සමඟි ජන බලවේගයට කලින් වර ලක්ෂ 27යි. මේ මැතිවරණයෙන් ලක්ෂ 19යි. ඒ කියන්නේ ඊළඟ මැතිවරණයේදී ඕක ලක්ෂ 10කට විතර බහින්න පුළුවන්. ඒක තමයි ඒ පක්ෂවලට වෙලා තියෙන්නේ. එතකොට නැවතත් ජාතික මතිවරණයකදී මේ කඩා වැටුණ පක්ෂ ගොඩනගන්න පුළුවන් කියල කවුරුහරි හිතනවා නම් ඒක මම හිතන්නේ මිත්‍යා විශ්වාසයක් පමණයි. නැවතත් ඒ අරද ජනතාව කරයි කියල මම හිතන්නේ නැහැ.”
ෆොන්සේකා මහතා මෙම අදහස් දක්වා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය,ජාතික ආරක්ෂාව,සැමට එක නීතියක් සහ දූෂණය,වංචාව සහ පාර්ලිමේන්තුව අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව උද්ඝෝෂනය කිරීම යන මන් කඩවත ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
ආශිකා බ්‍රාහ්මණ
