මෝදි මට විශිෂ්ට මිතුරෙක් – ඩොනල්ඩ් ට්‍රම්ප්

රෂිකා හෙන්නායක මාර්තු 31 , කොළඹ (LNW):

නිව් ජර්සි හි එක්සත් ජනපද නීතීඥ ඇලිනා හබ්බාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දු – අමෙරිකානු තීරුබදු සාකච්ඡා පිළිබඳව සුභවාදී අදහස් ප්‍රකාශ කර තිබේ.

තවද, ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය ප්‍රශංසා කළ බව ද විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම ට්‍රම්ප්, මෝදිව හඳුන්වා දී ඇත්තේ ඉතා බුද්ධිමත් මිනිසෙකු සහ විශිෂ්ට මිතුරෙකු ලෙස ය. ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇත්තේ දීයි.

ඔහු තවදුරටත් පැවසුවේ, “ඉන්දියාව ලෝකයේ ඉහළම තීරුබදු අය කරන රටවලින් එකකි.ඔවුන් ඉතා දක්ෂයි.අගමැති මෝදි ඉතා බුද්ධිමත් මිනිසෙක් සහ මගේ විශිෂ්ට මිතුරෙකි. අපි ඉතා හොඳ සාකච්ඡා පැවැත්වුවා. මම හිතන්නේ එය ඉන්දියාව සහ අපේ රට අතර ඉතා හොඳින් ක්‍රියාත්මක වේවි. ඔබට විශිෂ්ට අගමැතිවරයෙක් සිටින බව මට පැවසීමට අවශ්‍යයි,” පැවසූවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...