රිමාන්ඩ් කළ පුත්තලමේ නීතීඥවරිය වහාම මුදාහැරීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පුත්තලම මහාධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නීතීඥවරියව වහාම මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද (31) විභාගයට ගැනීමෙන් අනතුරුව ය.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම නීතීඥවරියට අප්‍රේල් 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කෙරිණි.

මෙම නිතීඥවරිය අධිකරණ ශාලාවට ඇතුළුවීමේදී හිස නමා ආචාර නොකිරීම සහ මහාධිකරණ විනිසුරුවරියට ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව පැහැර හැරීම යන වැරදි තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර තිබුණු අතර ඇය ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය 28 වනදා පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...