*
Wednesday, April 2, 2025
spot_img

Latest Posts

ප්‍රථම වරට ”කොළඹ කමත” කල උළෙල අතිසාර්ථකව නිමවෙයි.හොඳම නාට්‍ය සමන් නන්දනගේ ”කැමිලස්ගේ මිහිරි”! (PHOTO STORY)

කොළඹ LNW:ප්‍රථම වරට පැවති ”කොළඹ කමත” කලා උලෙළ පසුගිය 27,28,29 හා 30 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කමත කලා පරිශ්‍රයේදී පැවැත්විය.

ඊට සමගාමීව කෙටි නාට්‍ය තරගාවලියක්ද පැවැත්වුණු අතර එහිදී දෙවන වටයට තෝරාගත් කෙටි නාට්‍ය දහයක් ප්‍රදර්ශනය කරන ලදී.

ඉන් නාට්‍ය තුනක් අවසන් වටය සඳහා තෝරා ගෙන තිබුණි.

එකී නාට්‍ය ත්‍රිත්වය මාර්තු මස 29 වන දින සවස දෙකට කොළඹ කමත පරිශ්‍රයේ පිහිටි නව රංග ශාලාවේදී වේදිකා ගත විය. ඒ සඳහා නෙරන්ජන් චන්ද්‍රාදිතයගේ බොඩි වොෂ්,අරුණ ප්‍රියන්තගේ මහ රජු වෙත ආදරයෙනි, සමන් නන්දනගේ කැමිලස්ගේ මිහිරි යන නාට්‍ය ත්‍රිත්වය සුදුසුකම් ලැබීය.

එහිදී නෙරන්ජන් චන්ද්‍රාදිතයගේ බොඩි වොෂ් නාට්‍ය තුන්වන ස්ථානයද අරුණ ප්‍රියන්තගේ මහ රජු වෙත ආදරයෙනි නාට්‍ය දෙවන ස්ථානයද හොඳම නාට්‍ය ලෙස සමන් නන්දනගේ කැමිලස්ගේ මිහිරි නාට්‍යද සම්මාන දිනාගන්නා ලදී.

කැමිලස්ගේ මිහිරි නාට්‍යයට ඊට අමතරව හොඳම නිළිය ලෙස චන්දිමා සිරිනායක, හොඳම නළුවා ලෙස සංජීව දිසානායක හොඳම රචනය ලෙස ඇන්ටනි ජයලත් සහ හොඳම අධ්‍යක්ෂණය ලෙස සමන් නන්දන ද සම්මාන දිනා ගත්හ.

උක්ත නාට්‍යවල විනිශ්චය සඳහා චාන්දනි සෙනෙවිරත්න, අශෝක හඳගම සහ රාජිත දිසානායක කටයුතු කරනු ලැබූහ.

සම්මාන ප්‍රධානෝත්සවය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්ක 30 වැනිදා පස්වරුවේ කමත පරිශ්‍රයේ ආටිස් ක්ලබ් හිදී පැවැත්විය.

ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ප්‍රවීණ නිලී චාන්දනී සෙනෙවිරත්න, ප්‍රවීන නාට්‍ය අධ්‍යක්ෂක රාජිත දිසානායක යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan