සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන රජයේ අනාගතය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ හිටපු ෂා රජුගේ පුත්‍රයා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවති කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරී සමුළුවේදී (CPAC) සහභාගී වෙමින් “ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරයි. මම ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨ කිරීමට අදහස් කරමි,” සඳහන් කර තිබේ.
ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට ගත් තීරණය සමරණ සංවත්සරික උත්සවයකදීය.
හිටපු ෂා රජුගේ පුත්‍රයා ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රභල ආධාරකරුවකු වී ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් ඉරාන ඩයස්පෝරාව සඳහන් කර තිබුණේ, ඉරාන රජය බිඳ වැටීමට ඉඩක් නොමැති බවත්, ගැටුමෙන් පෙරට වඩා දැඩි විය හැකි බවත්, ඉරාන සිවිල් වැසියන්ට විශාල හානියක් සිදුවෙමින් තිබියදී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට සහාය දැක්වීම සඳහා ඔවුන්ගේ හඬ ලබා දීම සම්බන්ධයෙන් හිටපු ෂා රජුගේ පුත්‍රයා විවේචනයට ලක්ව ඇති බවයි.

