Home විදෙස් හයිටි කල්ලි ප්‍රහාරයකින් 70 ක් මරුට!

හයිටි කල්ලි ප්‍රහාරයකින් 70 ක් මරුට!

රෂිකා හෙන්නායක මාර්තු 31 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හයිටි රාජ්‍යයේ ආර්ටිබොනයිට් කලාපයේ සිදුවූ දරුණු කල්ලි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ නිල දත්ත ඉක්මවා යමින් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ “ග්‍රෑන් ග්‍රිෆ්” නමැති සන්නද්ධ කල්ලිය නිවාස ගිනිබත් කරමින් මෙම සමූල ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් තම නිවාස අතහැර පලාගොස් ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපොහොසත් වීම දැඩි විවේචනයට ලක්ව ඇත.

රට පුරා ව්‍යාප්ත වන මෙවැනි කල්ලි ගැටුම් හේතුවෙන් හයිටියේ ආර්ථික සහ මානුෂීය අර්බුදය තවදුරටත් දරුණු වෙමින් පවතින බව අවධාරණය කෙරේ.

එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර සංවිධාන මෙම සන්නද්ධ කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වමින් ඔවුන් මර්දනය කිරීමට සහාය පළ කර ඇත.