Home පුවත් මැදපෙරදිග අර්බුදය මැදත් රුපියල ශක්තිමත්!

මැදපෙරදිග අර්බුදය මැදත් රුපියල ශක්තිමත්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග යුද්ධය පවතින මොහොතක වුවද 2026 වසරේ මුල් කාර්තුව තුළ රුපියල සාපේක්ෂව ශක්තිමත්ව පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය ලසිත පත්බේරිය පවසයි.

රුපියල ශක්තිමත්ව පවත්වා ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිල දී ගැනීම අඛණ්ඩව සිදුකරමින් පවතින අතර 2026 වසරේ දී මේ දක්වා රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 1.3% කිනි.

යුද්ධය ආරම්භ වීමට පෙර 2026 වසර තුළ රුපියල අවප්‍රමාණය වී තිබුණේ 0.2% කිනි.
2025 වසරේ දී රුපියල 5.6% කින් අවප්‍රමාණය වී තිබේ.

කෙසේ වෙතත්, මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වීමෙන් පසුව පවා, කලාපයේ අනෙකු-ත් රටවල මුදල් ඒකකයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව පැවතීම විශේෂත්වයකි.

පෙබරවාරි අග සිට මාර්තු 25 දක්වා ශ්‍රී ලංකා රුපියල් 1.6% කින් අවප්‍රමාණය වී තිබෙන නමුත් ඊට සාපේක්ෂව අදාල කාලසීමාව තුළ, කලාපයේ අනෙක-ුත් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීම ඉහළ අගයකින් සිදුව තිබේ.

ඒ අනුව, ඉන්දියානු රුපියල -3.1% කින් ද, තායි බාට් මුදල් ඒකකය -4.6% කින් ද, පිලිපීන පෙසෝව -3.8% කින් ද, නේපාල රුපියල – 3.2% කින්ද අවප්‍රමාණය වී තිබේ.

2026 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන හත්සියයක ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීමක් සිදු කර ඇත.