කොළඹ LNW:ශ්‍රී ලංකාවේ චිත්‍ර කතා පරිණාමය පිළිබඳ ජයශංඛ කරුණාරත්න විසින් රචිත රූපකතා ඉතිහාසය කෘතිය දොරට වැඩුම ඊයේ (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණි.
මෙය ජයශංඛ කරුණාරත්නගේ විසිවෙනි කෘතියයි. පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස එළිදැක්වූ රූපකතා ඉතිහාසය කෘතිය ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පී ජනක රත්නායක වෙත පිළිගැන්වීය.
මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි,මහාචාර්ය මනෝරංජන හේරත් සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ඇන්ටන් බී පෙරේරා යන අය විසින් එහිදී දෙසුම් පවත්වන ලදී.
නව පරපුරේ ගායන ශිල්පී නෙලුක විජේසූරිය ගීත ගායනයෙන් එම අවස්ථාව වර්ණවත් කළේය.
රූපකතා ඉතිහාසය කෘතිය නිමන්සා ප්‍රකාශනයකි.






















