සජබ “THE BLUE PRINT”ආර්ථික සමුළුවේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන (Photos)

0
171

සමගි ජන බලවේගයේ “THE BLUE PRINT”ආර්ථික සමුළුවේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන පෙරේදා (29) දිනයේදී පැවැත්විණි.

තිරසර සංවර්ධනයක් සහිත රටක් ගොඩනැගීම සඳහා වූ සමගි ජන බලවේගය ආර්ථික දැක්ම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම සමුළුවේ අරමුණයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේ කරුණු පැහැදිලි කිරීම් සිදු කෙරුණේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.

රට පුරා දිස්ත්‍රික් වශයෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” සමුළුවට, ආර්ථික විශේෂඥයින් මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

RN