Wednesday, May 31, 2023
spot_img

Latest Posts

හැන්කිගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ඇමරිකාවේ ජෝන් හෝකිංස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා විසින් සකස් කරන ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල්වල දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව, මෙවර එම උද්ධමන දර්ශකයේ පළමු පිටුවෙන් ශ්‍රී ලංකාව ඉවත්ව ඇත.

මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකාව එම දර්ශකයේ 18 වැනි ස්ථානයෙහි පසුවිය.

මීට මාස 10 කට පෙර, එනම් 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව පැවතියේ එම දර්ශකයෙහි දෙවැනි ස්ථානයෙහි ය. එවකට ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට වඩා ඉහළ උද්ධමනයක් පැවතියේ සිම්බාබ්වේ රාජ්‍යයේ පමණි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.