පාස්කු ප්‍රහාරය සම්බන්ධව මානව හිමිකම් කවුන්සලයේ ද දැඩි අවධානයට ලක්වුණා – ජී.එල්.පීරිස් (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW):

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන නමුත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු කළ නොමැති බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

නීතිය සාධාරණත්වය සමාජය ප්‍රායෝගික වශයෙන් තහවුරු විය යුතු බවත්, මෑත කාලයේ සිදුවූ ප්‍රබලතම ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය බවත් කියා සිටියේය.

ත්‍රස්තවාදී තොරතුරු වසන් කිරීම ත්‍රස්තවාදී පනත යටතේ වසර හතක් සිරගත කළ හැකි වරදක් බවත්, පාස්කු ප්‍රහාරය සිදුවන විට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපතිවරයා, සේනාධිනායකවරයා හා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් කටයුතු කළ බවත් පැවසීය.

මැතිවරණ පැවැත්වීමට සූදානම්ව සිටියදී මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පැවසූ ඒමහතා,පාස්කු ප්‍රහාරය පිළිබඳව නව ක්‍රියාමාර්ග ගන්නේ නම්, ඒ පිළිබඳව බලය හිමි වන්නේ නීතිපතිවරයාට බවත් කීවේය,

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මානව හිමිකම් කවුන්සලයේ ද දැඩි අවධානයට ලක් වූ බවත්, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරයේ පිළිබඳව තොරතුරු දැන දැනත් ප්‍රකාශ කිරි කල් මැරීම සම්බන්ධව ප්‍රශ්න සහගත බවත්, විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...