*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දුම්රිය තවත් බර වෙන වැඩ කාගේ උවමනාවටද?

නිමල් සිරිපාල සමයේ ඉන්දියාවෙන් මිලදී ගත් දුම්රිය මැදිරි තවමත් ලංකාවට එමින් තිබෙයි.ඒවා තාක්ෂණික දෝෂ සහිත සහ භාවිතයට යෙදවීම අපහසු බව වත්මන් අමාත්‍ය දිළුම් අමුණුගමගේ ද පිළිගන්නේය.නමුත් මේ ඇණවුම් නවත්වන්නේ නැත.මේ මැදිරියක් රුපියල් කෝටි අටකට වඩා වටින්නේය.ඒවා තවමත් ලංකාවට එමින් පවතියි.නුසුදුසු අනුචිත බව කියා නවත්තන්නට හෝ එහි පිරිවිතර ලංකාවේ භාවිතයට සුදුසු පරිදි සකසා ගන්නට යන්නේ නැත.

මෙසේ තාක්ෂණික දෝෂ සහිත මැදිරි නොනවත්වා ලංකාවට ඒමේ ක්‍රියාවලියේ එක පියවරක් ලෙස මාර්තු 21 වන දා ද මැදිරි විස්සක් ශ්‍රී ලංකාවට පැමිණියේ ය.ඒවා නිශ්කාශනය කිරීම සඳහා දින තුනක කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දුන්නද එය තවමත් නිශ්කාශනය කරගෙන නැත.මේ වන විට ඒ සඳහා ගෙවීමට නියමිත ප්‍රමාද ගාස්තු සඳහා දිනකට රුපියල් ලක්ෂ ගණනින් එකතු වෙමින් තිබේ.

ඒ අතර මාර්තු 30 වන දා පැමිණි තවත් මැදිරි 20 කි.ඒ සම්බන්ධයෙන් ද දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.එයට ද ඉදිරියේදි කෝටි ගණනක ප්‍රමාද ගාස්තු එකතු වීමේ අවධානමක් පවතින්නේය.දැනටමත් රටේ භාණ්ඩාගාරයට බරක් වන තරමට ණය දුම්රිය දෙපාර්තමේන්තුව මේ ආකාරයට තව දුරටත් ණය කිරීමේ ක්‍රියාවලිය දක්වා පාලකයෝ තල්ලු කරමින් සිටිති.ඉන්ධන අර්බූදය නිසා මඟී ගාස්තු ඉහළ දමමින් රටේ ජනතාවට බර පැටවීම හැර දුම්රිය වෘත්තීය සමිති ස්විය අවශ්‍යයතා,පඩි- නඩි සමඟ ඔට්ටු වෙනවා හැරෙන්නට මේ කාරණා සමාජ ගත කරන බවක් පෙනෙන්නේ ද නැත.

මේ සියල්ල සමඟ ජනතාව රජයේ පාලනයෙන් දුම්රිය ඉවත් කිරිම කෙරෙහි කැමති වෙමින් සිටින බව දැකිය හැකිය.මාධ්‍යයට කරන ප්‍රකාශවලින්,සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන කරුණුවලින් මේ තත්ත්වය අපේක්ෂා කරන පිරිස් ඉහළ යමින් ඇත.ගෙදර බඩු විකුණා කුඩු ගහන තත්ත්වයේ ඒ මානසිකත්වයට ජනතාව පත්වෙන්නට හැරීම සහ ඒ වෙනුවෙන් ඉහළ මිලකින් හොඳ කොමිසන් එකක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ දේශපාලන අධිකාරියට සහ එහි පාලනයේ ඉහළ කොටසටය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් අනුව,ඉදිරි ජීවිත කාලය කළමණාකරනය කර ගන්නෙකුට ඈවර කිරිමේදි විශාල වන්දියක් ලබා ගන්නද අපහසු නැත.නමුත් ජනතාවට පාලනයෙන් තොරව විදේශ සමාගමකට යටත් වෙන්නට සිදුවීමෙන් වන හානිය මේ වන විටත් අයිඕසි ආයතන මඟින් පැහැදිළි කරමින් තිබේ.ලාෆ්ස් ගෑස් ගත්තද තත්ත්වය ඊට වෙනස් නැත.ව්‍යාපාරිකයා ලාභ ලැබීමට මිස ජනතා සුබ සාධනයට වැඩ කරන්නේ නැත.රට ගැන මේ මොහොතේ ආදරයෙන් කතා කරන ඩොලර් ගෙන ඒමේ අභියෝගය භාර ගන්නා ව්‍යාපාරිකයන් වුව ද,තමන්ට අයත් ලීසිං සමාගම්වලින් වැටි පෑගී සිටින ජනතාවගේ බොටුව හිර කර සම්පත් කොල්ල කෑම සඳහා අවශ්‍යය පරිසරය සකස් කර ගන්නා ආකාරයද අපැහැදිළි නැත.

එහෙත් තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ ඉන්දියානු මැදිරි ගෙන ඒම සඳහා කටයුතු කළ තාක්ෂණික කමිටුව සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්නේ ද නැත.අද වන විට අමාත්‍යවරයා ද මේ බව දැන සිටියද ඒ දෝෂ ප්‍රකාශ කරනු මිස ඒවා නිවැරදි කරන්නට වරද කළ අයට දඬුවම් දෙන්නට ක්‍රියා මාර්ගයක් ගන්නා බව පෙනෙන්නට නැත.සිඳුවෙමින් පවතින්නේ තව දුරටත් වළක්වාගත හැකිව තිබෙන වියදම්වලට තවත් වැය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව අඩපණ කිරිමය.

මේ මැදිරිවල විශාලතම ගැටළුව වන්නේ ස්වයංක්‍රීය ඈදීම සිඳු කළ හැකි මට්ටමෙන් නො’තිබිමය.යම් යම් ක්‍රියාමාර්ග ගෙන මැදිරි ප්‍රමාණයක් ධාවනයට යොදවන්නට උත්සාහ කළද ඒවා ද දැන් ඉවත් කර ඇත.දැන් තැන තැන මරදාන රත්මලාන වැනි අංගනවල මේවා ගාල් කර දිරන්නට දෙමින් තිබේ.එසේම ඒවා අඩු තරමේ ලංකාවට ගෙන ඒම වැළක්වීමට පියවර නොගන්නා අතරේම ගෙනෙනා මැදිරි යුහුසුළුව නිශ්කාශණයට පියවර නො’ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව තව දුරටත් ණය ඇති අලාභයේ ප්‍රමාණය ඉහළ දමන සුදු අලියෙක් කරමින් සිටියි.සියල්ලෝම නිහඬය.මෙවැනි දුම්රිය සේවයක් මහජනතාවට අනවශ්‍යය බව මහජන අදහස්වලින්ම උකහා ගෙන එහි ගුණාත්මක වටිනාකම අඩු කොට මහජනතාවට තව තවත් පීඩනය දැනෙන ලෙස පෞද්ගලික අංශයට පවරා දීමේ මාර්ගයේ එක සංධිස්ථානයක් ලෙස මෙවැනි වළක්වා ගැනීමට හැකි මහා විශාල මුදල් වැයවිම් වළක්වා නොගැනිම හැදින්විය හැකිය.

මේ සම්බන්ධයෙන් විමසීමට දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දරගේ 0702109236 දුරකථන අංකයට ඇමතුම් ලබා ගත් විට එය නාද විය. එහෙත් පිළිතුරක් ලබා දෙන්නට කටයුතු නොකළේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan