මිරිහානෙ විරෝධතාවය පිටිපස්සෙ ඉන්නෙ ජෙප්පෝ, සාක්ෂි අප සතුයි – ප්‍රසන්න රණතුංග

Date:

ජනාධිපතිවරයාගේ ජීවිතයටද තර්ජනයක් වෙමින් මිරිහාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී පැවත්වූ විරෝධතාවය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඊට අදාල සාක්ෂි මේ වනවිටත් අනාවරණය වී ඇති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

2015 මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවටද ඇතුළත් වූ පුද්ගලයෙකු අදාල විරෝධතාවය සඳහා සහභාගි වී ඇති බව මේ වනවිට තහවුරු කරගෙන ඇති බවත් ඔහු සිටින රූපරාමු රජය සතුව තිබෙන බවත් රණතුංග මහතා පවසනවා.

ආණ්ඩුවට එරෙහිව උද්ගෝෂණ, විරෝධතා පැවැත්වීමට රටේ ජනතාවට අයිතියක් ඇති බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඊයේ රාත්‍රී උද්ගෝෂණයට සම්බන්ධ පුද්ගලයන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබූ බවයි. කෙසේ නමුත් මධ්‍යම රාත්‍රිය පසුවන විට උද්ගෝෂකයන් පොදු දේපලවලට හානි කරමින් ආරක්ෂක අංශ සාමාජිකයන්ට පහරදෙමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා අවම බලය යොදා ඔවුන් විසුරුවා හැරීමට සිදු වූ බවද ඇමතිවරයා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...