ඇරඹුණු පරිවර්තනය පවත්වාගෙන යන්න නම් පළාත් පාලන මැතිවරණයත් දිනන්න ඕනේ – මහාචාර්ය නිර්මාල් ආණ්ඩුව රැකගන්න පෙරට!

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව විසින් ඇරඹි දේශපාලන පරිවර්තනය ඉදිරියට යන්න නම් ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

මීට පෙර නොතිබුණු ජනතාමයභාවයක් වත්මන් ආණ්ඩුව ඇති හෙයින් ආණ්ඩුව බොරු කියා බලයට පැමිණි බවට ඇතැමුන් කරන ප්‍රකාශ මහජනයාගේ දේශපාලන සබුද්ධිකත්වයට සිදුකරන අපහාසයක් බවයි දේවසිරි මහතා සඳහන් කරන්නේ.

”දැන් විශේෂයෙන්ම අපි දන්නා දෙයක් තමයි ජාතික ජන බලවේගය කියල කියන්නේ විශාල ජනතා පදනමක් පැවතුණු බලවේගයක් නෙවෙයි. එවැනි පරිවරගත සංවිධානයක් මෙවැනි විශාල ජනතා වරමකින් බලයට පත්වීම සහ ඒ වන විට ස්ථාපිත වෙලා තිබුණු දේශපාලන පක්ෂ, කඳවුරු නායකත්වයන් මේ රට තුළ නොවූ විරූ පරාජයකට ගොදුරු කරමින් මේ පැවතුණු පරිවර්තනය මම හිතන්නේ හුදු ආණ්ඩු පෙරළියකට වැඩි දෙයක්. මීට පෙර ජනයා මැතිවරණ පවත්වන විට සාමාන්‍ය වශයෙන් තෝරා ගන්නා පක්ෂ තියෙනවා. ඒගොල්ලෝ සම්බන්ධයෙන් විවේචන තිබුණත් නැතත් සාමාන්‍ය ජනයා හිතනවා මේ අයට තමයි ජන්ද දිනන්න පුළුවන්. ඒ නිසා ඒ අයට ජන්දේ දීලා බලයට පත්කරගන්නවා. ඒ අය ගැන කලකිරීමක් ඇතිවුණාම අනිත් කණ්ඩායමට බලය දෙනවා. සාමන්‍යයෙන අපි කියන තට්ටු මාරු දේශපාලනය. සමහරු කියනවා මේ ආණ්ඩුව බොරු කියල බලයට පත්වුණා කියල. මම හිතන්නේ ලංකාවේ ජනයාගේ දේශපාලන සබුද්ධිකත්වයට කරන අපහාසයක් ඒක. ලංකාවේ දේශපාලන ඉතිහාසය බැලුවහම අපි දන්නවා සාමාන්‍ය ජනයාගේ දේශපාලන සබුද්ධිකත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩු පෙරළි සම්බන්ධයෙන්. ඒ නිසා ජනයා තමන් දන්නා කියන දේශපාලන නායකත්වයන්,පක්ෂ තිබියදී මේ වගේ පුරුද්දක් නැති සහ විශාල වශයෙන් විවේචන තිබියදී තමයි මේ ආණ්ඩුව බලයට පත්වෙන්නේ. මේ තුළ තිබෙනවා මීට පෙර ආණ්ඩු සම්බන්ධයෙන් නොතිබුණු ජනතාමයභාවයක් තියෙනවා. ජනතා වරමක් තියෙනවා. ඒවගේම තමයි අපි හිතනවා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදීත් ඒ ආරම්භ වුණු දේශපාලන පරිවර්තනය ඉදිරියට යා යුතුයි. ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කළ යුතුයි. පළාත් පාලන මැතිවරණය ඉතාම වැදගත්. මොකා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලන නායකත්වය කවුද කියන එක තීරණය වෙන්නේ.” යනුවෙන් මහාචාර්යවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: කොදෙව් දූපත් හි පැවත්වෙන තරග...

තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර...

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද ?

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා...