කිතුනු ප්‍රජාව රජය ගැන දැඩි විශ්වාසයකින් ඉන්නේ – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

අප්‍රේල් මස 21 වනදාට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට කිතුනු ප්‍රජාව දැඩි විශ්වාසයක් තබා සිටින බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසයි.

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් පෙන්වා දෙන්නේ, එම ප්‍රකාශය අදාළ විමර්ශන සම්බන්ධයෙන් මනා දැනුමක් පැවතීම හේතුවෙන් ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශයක් බවයි.

වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුවේ යැයි යන විශ්වාසය කිතුනු ජනතාව තුළ පවතින බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

කිතුනු ප්‍රජාවට මෙවර සාධාරණයක් ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බව, ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂන්ත පියතුමන් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...