ජනතාව පෙණේ පුප්පලා සතුරෝ පරද්දලා අපට දීපු බලය මේ ඡන්දයෙන් ගම්මානවල බිමට කාවද්දන්න ඕනෑ – ඇමති බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ ලිපිනයන් ළඟදීම වැලිකඩ බන්ධනාගාරයට මාරුවීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“කපුගේ මහත්තයා කියපු සින්දුවක් තියෙනවා, ‘පෙණේ දියන් නයි හාමි’. පොඩි මිනිස්සු ඕගොල්ලො පෙණේ හංගන් නෙ හිටියෙ. හැබැයි ගිය අවුරුද්දෙ සැප්තැම්බර් 21 මොකක්ද වුණේ ? මේ රටේ පුංචි මිනිස්සු පෙණේ පිප්පුවා. ඒ පෙණේ පුප්පපු එකේ වාසිය තමයි මේ මාස හය තිස්සේ ඔබතුමන්ලා දකින්නෙ. මං දැක්කා අපේ අනුර සහෝදරයා කියනවා නේද තව මාස දෙක තුනක් යනකොට වැලිකඩ බන්ධනාගාරයේ පුළුවන් කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ රැස්වීම් කැඳවන්න. ගොඩක් අයගේ එඩ්‍රස් වෙනස් වීමට නියමිතයි. ගෙදරට ලියුම් ලැබෙන අයගේ එඩ්‍රස් වැලිකඩට මාරුවෙන්න නියමිතයි. ඔබතුමන්ලා දන්නවා අර බිත්තරේ කඩලා තැටියට දානකොට ටික වෙලාවක් යනවානෙ හයිවෙන්න. ඒ වගේ තමයි දේශපාලන බලයත්. දේශපාලන බලයත් ආණ්ඩුවක් ගත්තු ගමන්ම එකපාර හයිවෙන්නෙ නෑ. දේශපාලන බලය හයිවෙන්න පොඩි කාලයක් යනවා. අද ඔබතුමන්ලා දන්නවා ජනතාව පෙණේ පුප්පලා සතුරෝ පරද්දලා බලය අරන් දුන්නා අනුර සහෝදරයාට, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට, ජාජබ කියන පක්ෂයට. දැන් අපට තිබෙන්නේ ඒ බලය අවසාන වශයෙන් ගම්වලට මුල් අද්දන්න. මේ බලය ගන්න පටන් ගත්තෙ මුදුනෙ ඉඳලාම. ඒ ශක්තියෙන් තමයි අපි පාර්ලිමේන්තු බලය ගත්තෙ. දැන් අපිට තිබෙන්නේ අම්මේ තාත්තේ ඒ බලය මේ ගම්මානවල බිමට කාවද්දන්න”

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 31) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...