ජයකොඩිට නඩු දැම්මෙත් අපිමයි. ඔහුව ඇමතිකමෙන් අයින් කරන තීරණයක් නෑ, ඔහු ඇමතිකමේ ඉන්නවා – කැබිනට් ප්‍රකාශක

සටහන – රුවන් නෙළුගොල්ල

2015 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කටයුත්තකදී රජයට රුපියල් ලක්ෂ 88කට අධික මුදලක් පාඩුකිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත මෑතකදී නඩු පවරා ඇති කුමාර ජයකොඩි අමාත්‍යවරයාව නඩු කටයුතු අවසන් වනතෙක් එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමක් හෝ වෙනත් යමක් ගැන රජය දැනට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“ඔහු රජයේ නිලධාරියෙක් ලෙස වැඩකිරීමේදී ඇතිවුණු මෙම සිදුවීම ගැන නඩු පැවරුවේ කලින් ආණ්ඩුවෙන් නෙවෙයි අපෙ ආණ්ඩුව යටතේ. නඩු පැවරුවා නම් මේ ආණ්ඩුවෙන්, ඒකට වෙන වෙන ඇඟිලි ගැහීම් තියෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. ඒ නිසා දැනට ඔහුගේ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ. ඔහු ඒ අමාත්‍ය ධුරයේ කටයුතු කරනවා”

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.