රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ලෙබනනයේ පවතින දරුණු ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී, බීරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, හිස්බුල්ලා නායකයෙකු ඝාතනය කිරීම එහි අරමුණ වූ බව සඳහන් වේ.
දකුණු ලෙබනනය තුළ ඊශ්‍රායල පාබල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර මුහුණට මුහුණ සටන් ඇවිළී පවතින බව වැඩිදුරටත් දැක්වේ.
මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෙබනනයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් උන්හිටි තැන් අහිමිව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.
ඊශ්‍රායල රජය දකුණු ලෙබනනය තුළ සිය හමුදා බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන අතර, එය කලාපීය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.



