ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් සැලකෙන නේටෝ’ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සංවිධානයෙන් ඉවත් වීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගියදා ඉරාන යුද්ධයට සහය වන ලෙසත්, හොමුස් සමුද්‍ර සන්ධිය මුදවා ගැනීම වෙනුවෙන් යුධ නැවු එවන ලෙසත් ජනාධිපති ට්‍රම්ප් කරන ලද ඉල්ලීම් නේටෝ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම මේ සඳහා හේතු වී අතර ජනාධිපති ට්‍රම්ප් ‘ටෙලිග්‍රාෆ්’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කර තිබුණේ, නේටෝවෙන් අමෙරිකාව ඉවත් කරගැනීම දැඩි ලෙස සලකාබලන බවයි.

මෙහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා නේටෝ සංවිධානය යනු කඩදාසි කොටියකු බවත්, ඒ බව රුසියානු ජනාධිපති පුටින්ද දන්නා බවත් ප්‍රකාශ කර තිබිණි.

නේටෝ සංවිධානය යනු, යුරෝපයේ රටවල් 30 ක් සහ උතුරු ඇමරිකාවේ රටවල් දෙකක් ලෙස සාමාජික රටවල් 32 ක් අතර අන්තර් රාජ්‍ය මිලිටරි සන්ධානයකි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ කරන ලද නේටෝව 1949 දී උතුරු අත්ලාන්තික් ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ස්ථාපිත කරන ලදී. මෙම සංවිධානය සාමූහික ආරක්ෂක පද්ධතියක් ලෙස සේවය කරන අතර, එමඟින් එහි ස්වාධීන සාමාජික රටවල් ඕනෑම බාහිර පාර්ශවයක ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් අන්‍යෝන්‍ය ආරක්ෂාව සඳහා එකඟ වේ. මෙය ගිවිසුමේ 5 වන වගන්තියේ දක්වා ඇති අතර, එහි සඳහන් වන්නේ එක් සාමාජිකයෙකුට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් ඔවුන් සියල්ලන්ටම එරෙහි ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ සාකච්ඡාවක්

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු...