*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සංක්‍රාන්ති සමාජභාවී කලඑළි දිනය දා ඉෂාර බීබීසියට කියූ දෑ

සෑම වසරකම මාර්තු 31 වන දිනට ජාත්‍යන්තර සංක්‍රාන්ති සමාජභාවී කලඑළි දිනය (International Transgender Day of Visibility) යෙදී තිබේ. මෙම දිනය සැමරෙන්නේ, ලොව පුරා වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ කලඑළිභාවය, ඔවුන්ගේ මානව හිමිකම්, ඔවුන් මුහුණ පාන අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවන් සඳහා ය.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සමාජභාවී අනන්‍යතාවයට (Gender Identity) ගැළපෙන පරිදි තම උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් ඇතුළු නීතිමය ලියවිලි සංශෝධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවසරය ලැබෙන්නේ 2016 වර්ෂයේ ය. එතැන් පටන් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව තම මානව හිමිකම් අරගලය තුළ ලබා ගත් ජයග්‍රහණ කිහිපයක්ම වන අතර, ඉතාම මෑත දින ලබා ගත් ජයග්‍රහණයක් ලෙස, ශ්‍රී ලංකා පොලීසිය විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට ආරක්ෂාව සැපයීම සඳහා යොමුකළ චක්‍රලේඛය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට ආරක්ෂාව සැපයීම සඳහා ඉදිරිපත් කළ මාර්ගෝපදේශ හැඳින්විය හැකිය.

පහත දැක්වෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් ඇති ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ඉෂාර සපුමල් මහතා ගේ ජීවිත කතාව පිළිබඳ 2023 මාර්තු 31 වන දින බීබීසී සිංහල වෙබ් අඩවියේ පළවූ ලිපියයි:

බීබීසී: රාගම ශික්ෂණ රෝහලේ දී ඉෂාරා සපුමලී ලෙස මෙලොව එළිය දුටු තැනැත්තිය, ඉන් විසිනම අවුරුද්දකට පසු ‘ඉෂාර සපුමල්’ ලෙස වෙනස්වීමට තීරණය කරනු ලැබීය.

පිරිමියෙකුගේ සිතුම් පැතුම් ද ගැහැණු ශරීරයක් ද ඇතිව උපත ලබා, තම වෙනස සොයායාමට ඔහු ගත් තීරණය ගැන ඉෂාර සපුමල් ජාත්‍යන්තර සංක්‍රාන්තික ලිංගිකයන්ගේ දිනය දා බීබීසී සිංහල සේවය හා කතාබහකට එක්වූයේ ය.

“සරලවම කියනවා නම් බාහිර සමාජයට පෙනෙන වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. අභ්‍යන්තරයේ ඉන්නේ හිටපු පුද්ගලයාම යි. මැරිලා ඉපදිලා නෙමෙයි. ඒ මනුස්සයාගේ හඬ වෙනස්වෙලා තියෙනවා, ශරීරය වෙනස් වෙලා තියෙනවා,” ඔහු කතාව ආරම්භ කරමින් කියා සිටියේ ය.

“මම ගියේ කාන්තා පාසලකට. ඒ ළමයි අතර ඉද්දි තමයි මට තේරුනේ මම ඉන්න ඕනේ මෙතන නෙමෙයි කියලා. පිරිමි ළමයෙක් විදියට තමයි මම අඳින්න කැමැති, පිරිමි ළමයෙක් විදියට තමයි මගේ ස්වරූපය පවත්වාගන්න කැමති. එතකොට ඇයි මම මේ ගෑණු ළමයි ගොඩක් මැද්දේ, ඇයි ඒගොල්ලෝ අඳින ඇඳුම් අඳින්නේ කියන එක තමයි මට ප්‍රශ්නයක් වුණේ. මොකද මම හිතෙන් පිරිමි ළමයෙක් විදියට. එතකොට කාන්තාවක් විදියට මට සලකන්නේ ඇයි කියන ඒක මට ප්‍රශ්නයක්. ඒක මට හිතුන එකක් නෙමෙයි මම කොහොමත් වෙනස්.”

“මගේ නව යොවුන් විය ගෙවෙන්නේ කාන්තාවන් මැද්දේ කාන්තාවක් විදියට ගැහැණු ළමයෙක් විදියට. එතකොට මට ඒ අයගේ වෙනස යි මගේ වෙනස යි තේරෙනවා. මම හිතනවා ඒ ළමයින්ට අසනීපයක් කියලා. පස්සේ මට තේරෙනවා ඒ ළමයින්ට නෙමේ අසනීපෙ තියෙන්නේ මට කියලා. එතකොට මම හොයන්න ගන්නවා මොකක්ද මේ අසනීපේ, ඇයි මම අනිත් ළමයින්ට වඩා වෙනස්, ඇයි මට වෙන විදියකට හිතෙන්නේ මේ ළමයින්ට තියෙන ආකර්ෂණයන් මට නැත්තේ ඇයි, මේ අය ආසා දේවල්වලට මම ආසා නැත්තේ ඇයි කියලා,” ඔහු තමා සොයා යෑම ආරම්භ කළ කාලය සිහිපත් කරමින් කියා සිටියේ ය.

Don Sapumal De Silva
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉෂාර, මංගල දිනය දා

සිතට වඩා ශරීරය වෙනස් අසනීපය කුමක්ද යන්න සොයා යන ඉෂාර හට, තමාගේ වෙනස අස්වාභාවික නොවන බවට පොතපත පරිශීලනයෙන් සොයා ගැනීමට හැකිවී තිබේ.

ඉන්පසුවත් තම ශරීරයට අනුව ජීවත්වීමට ගන්නා ලද අසාර්ථක උත්සාහය ගැන ඔහු බීබීසී සිංහල සේවයට විස්තර සහිතව කියා සිටියේ ය.

“මම උසස් පෙළ සමත්වෙලා කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයට එනවා. එතකොට මම තීරණය කරනවා මම ඉපදිච්ච විදියට ඉන්න පුරුදුවෙන්න ඕනේ කියලා. මම ඒකට උත්සාහයක් ගන්නවා අවුරුදු හතරක්. නමුත් ඒ උත්සාහය අසාර්ථක වෙනවා විශාල කලකිරීමකින්. මගේ කාන්තා ශරීරයේ විදියට පිරිමි ආත්මය වෙනස්කර ගන්නවා කියලා මම හිතනවා. මොකද ඒක පහසුවෙයි කියලා මම හිතුවා. ශරීරය කපලා කොටලා වෙනස් කරන‍ එක ගැන මට අවබෝධයක් තිබුනේ නෑ ඒ කාලේ.”

කාන්තාවක් වීමට උත්සාහ කරන අවදියේ දී තමන්ට විවාහ යෝජනාවක් පැමිණි බව කී ඉෂාර පිරිමියකු සමග විවාහ ජීවිතයක් ගත කිරීම තමන්ට කිසිසේත්ම කළ නොහැකි දෙයක් බව ඒ මොහොතේදී අවබෝධ වුණේ යැයි සඳහන් කළේය.

ඉන්පසු තවදුරටත් කාන්තා ශරීරයේ ජීවත් නොවිය යුතුයැ යි සිතා කායික වශයෙන් වෙනස්වීමට අවශ්‍ය මූල්‍යමය හා අනෙකුත් කටයුතු සකසා ගැනීමට ඔහු තීරණය කර ඇත.

Don Sapumal De Silva
ඡායාරූප ශීර්ෂ වැකිය, උපාධිය ලබාගත් දින ඡායාරූපයක්

“මම රාගම රෝහලේ ඉපදුනේ කාන්තාවක් විදියට. ඒ උපත රාගම රෝහලේ දෙවෙනි වතාවටත් මම සිද්ධ කරනවා පිරිමි ළමයෙක් විදියට. මම ඉපදුනේ 1993 නොවැම්බර් 25. මම ගිය අවුරුද්දේ නොවැම්බර් 25 වෙද්දි මගේ අලුත් උප්පැන්නේ හදලා ඉවරයි.”

“පළවෙනි වතාවට අම්මා මාව ඉපැද්දුවා, සොබාදහමේ වැරැද්දක් වෙලා කාන්තා ශරීරයක් මට ලැබුණා. මම දෙවැනි වතාවටත් ඉපදෙනවා අවුරුදු 29කට පස්සේ,” ඉෂාර සපුමල් අභිමානයෙන් යුතුව කියයි.

“මම බෙහෙත් කරගත්තත්, ඒ තුවාල කැළල දකිද්දි මම මේක සනීප කරගත්තා කියන හැඟීම මට දැනෙනවා. ඉතින්, ඉෂාරා සපුමලි, ඉෂාර සපුමල් කියලා වෙනස්කර ගත්තා, මොකද මට ලොකු සංශෝධන අවශ්‍ය වුණේ නැහැ. මට ලොකු රඟපෑම් හෝ ලොකු ප්‍රතිරූප අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මගේ පිරිමි ආත්මයට අවශ්‍ය ගෞරවය ලබාදීම විතරයි.”

නීතිඥවරියක ලෙස වසර තුනක් ගත කළ ඉෂාර සපුමල් පසුගිය වසරේ දී නිතිඥවරයකු ලෙසින් තම අනාගතය වෙනස්කර ගන්නට සමත් විය.

තම ලිංගික දිශානතිය වෙනස්කර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයකුට අවශ්‍ය නීතිමය මෙන්ම මානසික සහාය ලබාදීමට නීතිඥ ඉෂාර සපුමල් සුදානමින් සිටියි.

“මේ ලෝකේ අම්මා කෙනෙක්ට දරුවෝ තුන්හතර දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි දරුවෙක්ට ඉන්නේ එක අම්මයි. තමන්ගේ දරුවාගේ ලිංගික අනන්‍යතාවට නිග්‍රහ කරන්න හෝ ඒක අවතක්සේරුවට ලක් කරන්න එපා. ඒක ඒ ළමයා ඉපදිච්ච විදිය. කවදාවත් දරුවෙක්ට අම්මෙක්ව නැති කරන්න එපා. මොකද ඒ වේදනාව හොඳින්ම දන්න පුද්ගලයෙක් මම.”

මූලාශ්‍රය: බීබීසී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan