ඇමති කංචනගෙන් පොලිස්පතිවරයාට ලිපියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් , කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් කඩාවැදුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.

කොලොන්නාව ඛනිජතෙල් පර්යන්තය අසල පසුගිය 27 වනදා උපවාසයක් ආරම්භකළ වෘත්තීය සමිති නියෝජිතයින් ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන ආරක්ෂිත කලාපයට බලහත්කාරයෙන් ඇතුළු වූ බව අදාළ ලිපියේ සඳහන් කර ඇත.

එමඟින් ඔවුන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති ඉන්ධන බෙදාහැරීම අකර්මන්‍ය කළ බවයි අමාත්‍යවනරයා පෙන්වා දෙන්නේ. එබැවින් එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාව ඉන්ධන ගබඩාකරන හා බෙදාහැරීම් සිදුකරන සියලු කලාපවලට ලබාදෙන ලෙස සිය ලිපිය මඟින් අමාත්‍යවරයා ඉල්ලා ඇත .

එමෙන්ම, මෙම තත්ත්වය හේතුවෙන් ආයතනයට හා බෙදුම්කරුවන්ට සිදුවූ අලාභය ගණනය කර එම පිරිස්වලින් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කර ඇත්තේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පොලිස්පතිවරයාට යැවූ ලිපියේ තව දුරටත් සඳහන් වන්නේ , රටේ ආර්ථිකයට ද විශාල පාඩුවක් සිදු කළ මෙම සිද්ධියට සම්බන්ධ පිරිස් හඳුනාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමටද පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය