හිටපු ජනපති හමුවූ තෙල් වෘත්තීය සමිති සේවකයින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ, විජේරාමයේ පිහිටි නිල නිවසේදී, අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයින් ඇතුළු පිරිසක් අද (01) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාව හමු වී තිබේ.ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ශ්‍රී ලංකා පොදු ජන ප්‍රගතිශිලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පසුගියදා අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් 20 දෙනා මෙම සාකච්ජාවට සම්බන්ධ වන බව ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේය .ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ,ඉදිරි දින කිහිපයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද හමුවී ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරන බවයි. ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කළේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද මේ සම්බ්න්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය. මේ අතර වැඩවර්ජනය කිරීමේ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ සංස්ථා සේවකයින් 20 දෙනා සම්බන්ධ විනය පරීක්ෂණ ලබන සඳුදා ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරිය පසුගියදා පියවර ගත්තේ , ඉන්ධන බෙදාහැරිමේ ක්‍රියාවලයට බාධා වන ලෙස වැඩ වර්ජනය කිරිමේ චෝදනා මත මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අනිවාර්ය නිවාඩු යැවීමටය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...